සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 21, (LNW)කොළඹ
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නව සභාපති වශයෙන් කිර්ස්ටි කොවෙන්ට්රිය.ඇය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මුල් පුටුවට පත් වූ පළමා කාන්තාවය.එසේම පළමු අප්‍රිකානු ජාතිකයාය.ඇය අප්‍රිකාවෙන් පත් වුව ද,සිම්බාබ්වේ හී වෙසෙන සුදු ජාතික කාන්තාවක් වන අතර ඇය එරට ක්‍රීඩා ඇමතිණිය ද වන්නේය.එසේම ඇය ඔලිම්පික් රන් පදක්කම් දෙකක හිමිකාරිණියක්ය.2004 ඇතන්ස් මෙන්ම 2008 බීජීං ඔලිම්පික් උළෙලවලදී පිහිණුම් ක්‍රීඩාවේ කාන්තා පසුපස ආර මීටර් 200 තරගයේ ජයග්‍රාහිකාව වූයේ කිර්ස්ටි ය.
වයස 41 දී පමණ ලෝකයේ ක්‍රීඩාව සම්බන්ධ ඉහළම පුටුවේ අසුන් ගන්නට ලැබෙන ඇයගේ ජීවිතයේ ක්‍රීඩාවට කළ කැපවීම විසින් පෙරළා ආපසු ලබා දෙන වරප්‍රසාදවලින් පොහොසත්ය.අප්‍රිකානු රටකින් පළමුවරට පිහිණුම් අවසන් පූර්ව තරගයක් නියෝජනය කරන්නි කිර්ස්ටි ය.ඇයට ඒ අවස්ථාව උදාවන්නේ 2000 දී සිඩ්නි ඔලිම්පික් උළෙලේදී ය.

මේ ආකාරයෙන් සිම්බාබ්වේ පමණක් නොව අප්රිකාවේම ඉතිහාසය ක්‍රීඩාවෙන් වෙනස් කළ කිර්ස්ටි 2016 දී පමණ සිම්බාබ්වේ ඔලිම්පික් සමඟ අත්වැල් බැඳ ගන්නේ ක්‍රීඩාවේ පරිපාලනයට එක් වෙමන්ය.එහි ප්‍රතිපලයක් හැටියට කිර්ස්ටි මේ මොහොත වන විට ඉතිහාසයේ කිසිවෙකුට සම කඛ නොහැකි කාන්තාවක බවට පත් වී ඇත.
ඔලිම්පික් මුල් පුටුව සඳහා හත් දෙනෙකු තරග වැදිණ.ඒ අතරින් කිරිස්ටි මෙන්ම හිටපු ඔලිම්පික් සභාපතිවරයෙකු වන අන්ටෝනියෝ සමරාන්චිගේ දෙටු පුත්‍රයාද,ජගත් මලල ක්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ ද විශේෂයෙන් කැපී පෙණින.ඒ අතරින් කිර්ස්ටි ට බලය පවරා නික්ම යන හිටපු සභාපති තෝමස් බැච්ගේ සහය වැඩිපුර හිමි වූ තැනත්තිය ද වූවාය.බැච් සිය ධූර කාලය තුළ කැපී පෙණුනම චරිතයක් බවට පත් වූයේ මානව සමාජයේ සමානත්මතාවයට ඔලිම්පික් ක්‍රීඩාව ඇතුළත සම තැන දිනා දීමට සහ වඩා විද්‍යානුකූල ප්රවේශයකින් ක්‍රීඩාව දෙස බැලීමට පෙළඹවූ පුද්ගලයෙකු හැටියටය.එසේම කිසිඳු ප්රබලයෙකුගේ බලපෑම මත වෙනස් වීම වෙනුවට බැච්,සාධාරණය සහ අසාධාරණය මත යුක්තිය පසිඳලීම වෙනුවෙන් ලෝකයම එක් මිටකට ගැනීමට සමත් වූ පරිපාලකයෙකු බව රුසියානු – යුක්රේන යුද්ධයේදී මෙන්ම රුසියාව තහනම් උත්තේජන වැරදි හමුවේ හැසිරුණු ආකාරයට ප්‍රතිචාර දැක්වීමෙන් ද ඔප්පු කර පෙන්වීය.

ලෝකයේ වැඩි අවධානයක් දිනා ගත් ලන්ඩන් ඔලිම්පික් උළෙල අති සාර්ථකව මෙහෙය වූ සෙබස්තියන් කෝ ලෝක ප්‍රජාව ගැන ඊට වඩා වෙනස් ආකාරයකට සිතන බව මෙම නිලවරණය ඇතුළත පෙන්වීය.ඔහු විශේෂයෙන්ම සංක්‍රාන්ති තත්ත්වය පිළිගැනීම සහ ඊට අවශ්‍යය විද්‍යාත්මක සාධක අනුව සිරුරේ කාන්තා සහ පිරිමි බව තීරණය කිරීමට ඇති ඉඩ යනාදිය කෝ ගේ දැඩි විවේචනයට හේතු විය.බොහෝ විට ක්‍රීඩිකාවන්ට උපතින්ම කාන්තාවන් වුව ද සිය හෝමෝන ක්‍රියාකාරීත්වය ඇතුළත දකින්නට ඇති පිරිමි හෝමෝනවල වැඩි බව ඖෂධ මඟින් පාලනය කිරීමේ විද්‍යාත්මක එකඟතාවය වැනි දේ ඇති කරන්නට මුල් වූ බැච් සමහර සම්ප්‍රදායික සමාජ සංවිධාන සහ ගෝත්‍රික දේශපාලන නායකයන්ගේ ද විවේචනයට බඳුන් විය.කෝ ඒ විරෝධතාවයට නායකත්වය දි ලෝකයේ බහුතරය තමන් හා එකඟ වෙනු ඇතැයි සිතුවද,ඔලිම්පික් නිලවරණයේ දී භාවිත වූ ඡන්ද 97 න් 49 ක් හිමි වී තිබුණේ කිර්ස්ටි කොවෙන්ට්‍රි වෙතය.කෝ ට හිමිව තිබුණේ 8 ක් පමණි.දෙවන තැන ගත් හිටපු ඔලිම්පික් සභාපති ඇන්ටෝනියෝ සමාරාන්චිගේ දෙටු පුත්‍ර කණිෂ්ඨ සමරාන්චිට ඡන්ද 28 ක් හිමිව තිබිණ.

ඉතිරි අපේක්ෂකයින් හතර දෙනාට ලැබුණේ මුළු ඡන්ද පත්‍රිකා 12 ක් පමණක් වන අතර, ප්‍රංශ ජාතික ඩේවිඩ් ලැපාර්ටියන්ට් සහ ජපානයේ මොරිනාරි වටනාබේ ඡන්ද පත්‍රිකා හතරක් බැගින් ලබා ගත් අතර, ජෝර්දානයේ එච්ආර්එච් ප්‍රින්ස් ෆයිසාල් අල් හුසේන් සහ ස්වීඩනයේ ජොහාන් එලියාෂ් යන දෙදෙනාට ලැබුණේ දෙකක් පමණි.
කිර්ස්ට් කොවෙන්ට්‍රි සහ ලොස් ඇන්ජලීස් 2028
මේ මොහොතේ කිර්ස්ටි බලයට පැමිණීම බොහෝ විට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙන්ම බැචි ගේ බලපෑමට යටත් රුසියාවේ පුටින්ගේ හිතට නොගැලපෙනු ඇත.ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔලිම්පික් පිළිගැනීම වන ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ සංකල්පය පිළි නොගන්නා බවට කර ඇති ප්‍රකාශ සහ ඔලිම්පික් ප්‍රතිපත්තිය අතර ගැටුමක් නිර්මාණය වනු ඇද්ද යන්න සැළකිල්ලට ගත යුතුය.රුසියානු ජනාධිපතිවරයාගේ අති සමීපතම මිත්‍රයෙක් වන ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය ද සිටින්නේ බැච් ගේ තීරණවලට එකඟ නොවී වැඩ කරන හිතුවක්කාර අදහසකය.මේ නිසා ලෝක බොක්සිං සම්මේලනය ලෙස ජාත්‍යන්තර වශයෙන් බොක්සිං ක්‍රීඩාවට අලුත් පරිපාලන ව්‍යහුයක් හඳුන්වා දෙන්නට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ද අවසරය ඇතුව ක්‍රියාත්මක වී ඇති මොහොතක එයට ද ලෝක ඔලිම්පික් සමාජය ඇතුළේ ඉඩක් ලැබීමට ඇති ඉඩ අවම විය හැකිය.
මේ තත්ත්වයන් සමග ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සමඟ ගනුදෙනු කිරීමේදි නිරන්තරයෙන් ට්‍රම්ප්ගේ හරස්වීම් පැන නැඟෙන්නට ඉඩ ඇත.එසේම පුරුෂෝත්තම අදහසකින් වැඩ කරන ට්‍රම්ප්,කිර්ස්ටි ගේ ස්ත්‍රීත්වය ද නොසළකා නොතකා වැඩ කිරීමෙන් ඔලිම්පික් උළෙල අර්බූදයට යාමට ඉඩ ඇත.
එසේම මේ මෑතකදී ඇතැම් රටවල ජනතාවට ස්ථීර වශයෙන්ම ඇමෙරිකාවට ඇතුල්වම වැළක්වීමටත්,තවත් සමහර රටවලට වීසා නිකුත් කිරීමේදී දැඩිව සැළකිල්ල යොමු කිරීමටත් ට්‍රම්ප් තීරණය කර තිබිණ.එම කොටස් කිරීමේ තෙවන කොටසේ දී සිම්බාබ්වේ රාජ්‍යය ද අයත් වන විසා ලබා ගැනීමේ දැඩි සීමා සහිත තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කරන ලද රටවල් ප්‍රමාණයක් ද ඇත.මේ තත්ත්වය මත කිර්ස්ටි ට ඔලිම්පික් සැළසුම් සහ සංවිධාන කිරීම්වලදී ඇමෙරිකාවට අවශ්‍යය ඒනෑම මොහොතක ඇතුළත් විමට සහ රැදීමට කුමනාකාරයේ ඉඩක් ලැබෙනු ඇද්ද යන්න ඉදිරියේදී සැළකිල්ල යොමු කළ යුතු තත්ත්වයක්ය.
එසේම ඒ ආකාරයට ගැටළුකාරී තත්ත්වයන් ඇති රටවල් නියෝජනය කරන ඔලිම්පික් කමිටුවේ සංවිධාන ව්‍යහුය ශක්තිමත් කරන පිරිස් වෙත ද මෙම ගැටළුවට මුහුණ දෙන්නට සිඳුවිය හැකිය.ඒ නිසා කිර්ස්ටි කොවෙන්ට්‍රි භාර ගත්තේ පහසුවෙන් වැඩ කළ හැකි තත්ත්වයක පවතින ඔලිම්පික් කමිටුවක් නොවේය.
එහෙත් ඇය තරුණය.ඉතා තරුණ වියේදීම ලෝකය එකඟ කරවා ගත හැකි පෞරුෂයක් ඇය සතුය.ඇමෙරිකාවේ වීශ්ව විද්‍යාල අධ්‍යාපනය මෙන්ම දේශපාලනික වශයෙන් ඇති රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් ද සමඟ ට්‍රම්ප් සමඟ වෙනස්ම ගණු දෙනුවක් සකසා ගැනීමට කිර්ස්ටි උත්සාහ ගන්නවා ඇත.වඩාත් දක්ෂ මෙන්ම විශ්වසනීය පාලකයෙකු වීමේ පරීක්ෂණය තුළ ඇය දරණ ප්රජාතන්ත්රවාදී ගුණාංග මෙන්ම නිර්මාණශීලි චින්තාවද ට්‍රම්ප්ගේ ඇමෙරිකානු ඩොලර්වලට වඩා ලොස් ඇන්ජලීස් 2028 මානවීය සාරධර්මවලට හානි කර නොවන ලෝක ක්‍රීඩා උළෙලක් පැවත්වීමට ඉවහල් වනු ඇත.
නව සභාපතිණිය සහ ශ්‍රී ලංකාව
පැවති පරිපාලනයේ විශ්වසනීයම සාධකය හැටියට කිර්ස්ටි සභාපති තනතුරට පත්ව ඇත.පැවති පරිපාලනය ශ්‍රී ලංකාවේ නීතිමය ස්ථාවරයන්ට ගරු කරමින්,මෙරට නීතිපතිවරයාගේ නිර්දේශ සමඟ ඉදිරිපත් කළ ලිපියට අනුව චෝදනා එල්ල වූ ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා එම ධූරයෙන් ඉවත් කරන්නට යෙදිණ.මේ තත්ත්වයේම දිගුවක් ලෙස කිර්ස්ටි කොවෙන්ට්රිගේ පත්වීම ද හැඳින්විය හැකිය.
එසේම ඇය කාන්තාවක වුව තද තීරණවල එළැඹ වැඩ කළ හැකි පෞරෂයකින් හෙබි අයෙකි.ලෝකයේ සිට ආසියානු මහද්වීපය දක්වා වන සැළසුම් සහ ක්රියාකාරීත්වයේ ස්වභාවයේ යම් සමාන හැඩයක් තිබිය හැකිය.එහිදී අනවශ්‍යය ලෙස ජාත්‍යන්තරයෙන් හෝ කලාපීය වශයෙන් රටක ක්‍රීඩාවට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන්ද ඇයගේ අවධානය යොමු විය හැකිය.ට උදාහරණයක් ලෙස ආසියානු ඔලිම්පික් සම්මේලනය ශ්‍රී ලංකාවේ අමාත්‍යවරුන්ගේ ආශිර්වාදය ලැබුණු ආසියානු රගර් පරිපාලනයට ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලෙන් වළක්වන්නට තිබුණු අනියම් උවමනාවට ආසියානු ඔලිම්පික් කමිටුව ඉඩ දුන්නේ නැත.එහිදී ද ලංකාවේ නීතිය සහ ආසියානු ඔලිම්පික් සිටියේ එක ස්ථාවරයකය.
මේ තත්ත්වයද කිර්ස්ටි කොවෙන්ට්‍රි සමඟ වැඩ කිරීමේදී ඉහළින් අවධානය යොමු කළ යුතු තත්ත්වයක්ය.ඔලිමිපික් ක්‍රීඩා සංගම් සමඟ වැඩ කිරීමේදී ඔවුන්ගේ ස්වාධීනත්වයට සහ නීතියට අනුව කටයුතු කිරීමට රටක් හැටියට ගන්නා උත්සාහයන් වැදගත් වනු ඇත.
