අග්‍රාමාත්‍ය නෙතන්යාහු ඊශ්‍රායලය ආරක්ෂක අංශ ප්‍රධානියා ධුරයෙන් ඉවත් කරයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 20 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින්, ඊශ්‍රායලය ආරක්ෂක අංශ ප්‍රධානියා ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

මෙම ඉවත් කිරීම සිදුකර ඇත්තේ , 2023 වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ කිසිදු පූර්ව දැනුවත් කිරීමක් හෝ තොරතුරු අනාවරණය කර ගැනීමක් සිදුකිරීමට ආරක්ෂක ප්‍රධානියා අසමත්වීම හේතුවෙනුයි.

ඊයේ රැස්වු ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය එරට ආරක්ෂක ප්‍රධානි රොනෙන් බාර් ඉවත් කිරීමට අදාළ අනුමැතිය ලබාදී තිබෙන බව වාර්තා වේ. 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී ඔහුව එම ධුරයට පත්කර ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ අග්‍රාමාත්‍යවරයාගේ මෙම තීරණයට විරෝධය පළ කරමින් රාජ්‍ය විරෝධි විරෝධතාකරුවන් දහස් ගණනක් ජෙරුසලමට රැස්ව සිටින බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිමාව, චනිත්මා ගැන ආඩම්බර විය යුතුයි….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: මේ වන විට ලංකාවේ...

වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ජාත්‍යන්තරව හිමිවූ 29 වන ඉහළම ගෞරවනීය සිවිල් සම්මානය ඕමානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය අග්‍රාමාත්‍ය ...