නදීක දයා බණ්ඩාර – මහනුවර
කොළඹ LNW:ගෝලීය ඉන්ධන අර්බුදයක් හමුවේ QR කේතයකින් තොරව සිය වගාවන් පවත්වා ගැනීම සඳහා ගොවිජනතාවට ඉන්ධන ලබා දීමට වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා සඳහන් කරයි.
වී වගාවේ කන්නයක් සඳහා ඩීසල් ලීටර් 45ක් ද ගොඩ ගොවිතැන සඳහා ඩීසල් ලීටර් 50ක් ද පෙට්‍රල් ලීටර් 10ක අවශ්‍යතාවක් සඳහා ඉන්ධන ඒ අනුව ලබාදීමට පියවර ගන්නා බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.
ඒ අනුව ගොවියන්ට තම බල ප්‍රදේශයේ ගොවිජන සංවර්ධන මධ්‍යස්ථනයට පැමිණ සිය අන්‍යතාව තහවුරුකිරීමෙන් අනතුරුව එම ප්‍රාදේශීය මධ්‍යස්ථානය මගින් ලබා දෙන ලිඛිත සහතිකයක් අනුව ළගම පිහිටි ඉන්ධන පිරවුම් හලින් මෙම ඉන්ධන ලබා ගත හැකියි.
මෙවර යළ කන්නයේ වගාවන් අවසන් කිරීම සඳහා ඩීසල් ලීටර් 30ක් ලබාදීමට ද නියමිතයි.




