IMF දෙවැනි සමාලෝචනය අවසන්

Date:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ අවසන් කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින IMF දූත මණ්ඩලයේ ප්‍රධානී පීටර් බෲවර් මහතා ඊයේ (21) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව, මීට විධායක මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 330ක් පමණ වන තුන්වැනි වාරිකය ද ලබාගැනීමට හැකිවනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

මීළඟට ඇති ප්‍රධානතම කාර්යය වන්නේ නිල ණය හිමියන් සමග ගිවිසුම් අවසන් කිරීම සහ නියමිත වේලාවට බාහිර පුද්ගලික ණය හිමියන් සමග ගිවිසුම්වලට එළඹීම බවත් ඒ මහතා පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...