වෙනදාට වඩා කොළ පාට බංගලාදේශ පොළවකින් මතුවන ක්‍රිකට් අභියෝගය

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 22, කොළඹ (LNW): ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ බංගලාදේශය සමඟ පැවත්වෙන පළමු ටෙස්ට් තරගයට අද ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙනවා.ධනංජය ද සිල්වාගේ නායතත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම විදේශ රටකදී මුහුණ දෙන පළමු ටෙස්ට් තරගය වන මෙම තරගයට ලැබීමට නියමිත තණතීරුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධනංජය පැවසුවේ එය බොහෝ විට වේග පන්දුවට හිතකර තණතීරුවක් විය හැකි බවයි.
ධනංජය පෙන්වා දෙන්නේ මේ වන විට බංගලාදේශ තණිතීරු වැඩි පුර තණකොළ සහිත තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට උත්සාහ කරණ බවක් පෙනෙන්නට තිබෙන බවයි.හිටපු ශ්‍රී ලංකා නායකයින් වන ඇන්ජලෝ මැතිවිස්,දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් වැනි පළපුරුදු ක්‍රීඩකයින් කණ්ඩායමේ සිටීම ගැන සතුටින් අදහස් දැක් වූ නායක ධනංජය තරගයට ශ්‍රී ලංකාවේ දී තරගයකට මුහුණ දෙන ආකාරයේස සමාන අත්දැකීමකින් මුහුණ දීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු පළ කරනවා.


බංගලාදේශයට පළපුරුදු මුස්ෆිකර් රහීම්ගේ සේවය අහිමී වන අතර ශ්‍රී ලංකානට මෑත කාලය ගත් විට කැපී පෙණුනම වේග පන්දු යවන්නා ලෙස ටෙම්ට් කණ්ඩායමේ වගකීම ඉටු කළ අසිත ප්‍රනාන්දු අහිමි වී ඇත.සිල්හෙට් තණතීරුව ගැන අදහස් දක්වන ක්‍රීඩා විචාරකයන් ද විශ්වාස කරන්නේ බංගලාදේශය ශ්‍රී ලංකාවට රඑරෙහිව වේග පන්දුවෙන් අභියෝගයක් එල්ල කිරීමේ අපේක්ෂාව ඇතුව ටෙස්ට් තරගයට මුහුණ දීමට පැමිණ තිබෙන බවය.


විශේෂයෙන්ම බංගලාදේශයේදී පළමු වරට ටෙස්ට් තරගයකට සහභාගි වන ප්‍රභාත් ජයසූරියට මුහුණ දීමේ දී ඔහුට වාසි සහගත නොවන භූමියක් සකස් කිරීමට බංගලාදේශය උනන්දු වන බව විශ්වාස කළ හැකිය.ප්‍රභාත් මේ වන විට ටෙස්ට් තරග 8 දී කඩුලු 63 ක් ලබා සිටිනවා.බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් මෑත කාලයේ කැපී පෙණුන පිතිකරුවෙක් වන තව්හිඩ් හ්‍රිඩෝයි විස්සයි විස්ස සහ එක්දින අත්දැකිම්වලීන් බැහැරව පළමු වරට සහභාගි වන ටෙස්ට් තරගය අද වනු ඇතැයි බොහෝ ක්‍රීඩා විචාරකයින් විශ්වාසය පළ කරනවා.
අද තරගයට සහභාගි වන කණ්ඩායම් දෙක ගැන තණිතීරුව මෙන්ම ක්‍රීඩක දක්ෂතා ද සැළකිල්ලට ගෙන ප්‍රවීන විචාරකයින් දක්වන අදහසට අනුව පහත කණ්ඩායම් දෙක ක්‍රීඩා කරනු ඇති බවට අදහස් දක්වා තිබෙනවා.


බංග්ලාදේශය (විය හැකි): 1 සකීර් හසන්, 2 මහමුදුල් හසන් ජෝයි, 3 නජ්මුල් හොසේන් ෂැන්ටෝ (නායක), 4 මොමිනුල් හක්, 5 තව්හිඩ් හ්‍රිඩෝයි, 6 ලිටන් දාස් (විකේ), 7 ෂහාදත් හොසේන්, 8 මෙහිදි හසන් මිරාස්, 9 තයිජුල් ඉස්ලාම්, 10 ෂෝරිෆුල් ඉස්ලාම්, 11 නහිඩ් රානා
ශ්‍රී ලංකාව (විය හැකි): 1 දිමුත් කරුණාරත්න, 2 නිශාන් මධුෂ්ක, 3 කුසල් මෙන්ඩිස්, 4 ඇන්ජලෝ මැතිව්ස්, 5 දිනේෂ් චන්දිමාල්, 6 ධනංජය ද සිල්වා (නායක), 7 සධීර සමරවික්‍රම (WK), 8 රමේෂ් මෙන්ඩිස් හෝ චාමික ගුණසේකර, 9 ප්‍රභාත් ජයසූරිය, 10 කසුන් රාජිත, 11 විශ්ව ප්‍රනාන්දු (දෙවන දඟ පන්දු යවන්නෙක් යොදා ගන්නේ නම් ඇතැම් විට මේ මොහොතේ දේශිය පිටියේ කඩුලු අතර සිටින නිශාන් පීරිස්ට අවස්ථාවක් ලැබිමටත් ඉඩ තිබෙනවා.)


ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ ක්‍රිකට් ගැන අවබෝධයක් ලබා ගැනීමට හැකි තත්ත්වයක් මේ කණ්ඩායමේ හැඩයෙන් දකින්නට ලැබෙනවා.පන්දුවට පහර දිය හැකි වේග පන්දු යවන්නන් බිහිවීමේ අඩුවක් දකින්නට ලැබෙනවා.ඒ වෙනුවට කඩුලු රකින පිිතිකරුවන් වැඩි වශයෙන් දකින්නට ලැබෙන තත්ත්වයක වේග පන්දු යවන්නන් වැඩි දෙනෙක් යෙදවිය යුතු අවස්ථාවක මැද පෙළ ශක්තිමත් කළ හැකි පිතිකරණයේ හැකියාවක් ඇති වේග පන්දු යවන්නෙක්ගේ අවශ්‍යයතාවය තදින් දකින්නට ලැබෙනවා.මේ කණ්ඩායම තුළත් කඩුලු රකින මුල් පෙළේ පිතිකරුවන් තිදෙනෙක් වන නිශාන් මධුශ්ක,කුසල් මෙණ්ඩිස් සහ සදීර සමරවික්‍රම දකින්නට ලැබෙනවා.


කෙසේ වුවත් පෙනෙන කෙළ පාට ඇත්තම විය හැකිද යන්න සැක උපදවන්නක් වන්නත් ඉඩ තිබෙනවා.ඒ නිසා තාසියේ වාසිය ලබන කණ්ඩායමක් සිව්වන ඉණිම ක්‍රීඩා කිරීමට තමන්ට සිඳුවන තීරණයක් ගනු ඇතැයි සිතීම අපහසුයි.එහෙත් සියල්ල යහපත් වීමට සිල්හෙට් හී කාලගුණ හැසිරීම ද බලපෑ හැකි බවට ලැබෙන ඉඟි හොද තරගයක් දකින්නට ඇති අවස්ථාව අහිමි කරාවිද යන්න පිළිබදව ද සැක උපදවනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...