ලයිට් බිල 500% කින් වැඩිකරන්නයි යන්නේ. ලයිට් නොදා බලන් ඉන්නයි තියෙන්නෙ – ඇමති දයාසිරි

Date:

නුදුරේදීම විදුලි බිල් වැඩිකෙරෙනු ඇති බවත් විදුලි ඒකක 30 ක මිල 500% කින් ඉහළ නැංවීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවත් බතික් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

“2180 ට තිබිච්ච ගෑස් එක 4199 ට ගියාම උඩ ගිහිල්ලා බිම වැටෙනවා. මොකද හේතුව, රුපියල් 1500 කින් ගෑස් ගිහිල්ලා තියෙන්නෙ දැන්. දැන් යන මිල හොයාගන්න බැරි තැනකට පත්වෙලා තියෙන්නෙ. දැන් හෙට අනිද්දා වෙනකොට ආපහු මං හිතන්නෙ ලයිට් බිල වැඩිවෙයි. මට දැන් ආරංචිය තියෙන විදියට විදුලිබල මණ්ඩලයට දීලා තියෙන යෝජනාව අනුව ඒකක 30ක් තිබුණ මිලට වඩා 500% කින් වැඩිවෙනවා. ලයිට් දාන්න නෙවෙයි ලයිට් දිහා බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ ලයිට් දාන්නෙ නැතුව. ආණ්ඩුවේ පසුපෙළ ඉන්න මන්ත්‍රීවරුම කියනවා මේ යන ගමන වැරදියි, මොකක්හරි මේකට කරන්න කියලා”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පැවති රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...