තෙල්,විදුලිය සහ ගෑස් ප්‍රශ්නයට දින දෙක තුනකින් විසඳුම්!

Date:

තෙල්,විදුලිය සහ ගෑස් ප්‍රශ්න ඉදිරි දින දෙක තුන තුළ විසඳෙනු ඇති බව කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (21) රාත්‍රියේ කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම කාරණා සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී සාකච්ජාවට ගැනුණු අතර ලෝකයේ භාණ්ඩ මිල ඉහළ යාම් දෙස බලන විට ලංකාව පසුවන්නේ ඉතා හොඳ තත්ත්වයක බවද අමාත්‍යවරයා කියාසිටියේය.

තෙල් ප්‍රශ්නයේදී සිදුව ඇත්තේ සාමාන්‍යයෙන් දිනකට අවශ්‍ය වන්නේ පෙට්‍රල්,ඩීසල් ටොන් 4500ක් පමණ වන බවත් නමුත් දැන් සියලුම දෙනා වගේ ෆුල් ටෑන්ක් තෙල් ගැසීමත්,කෑන් වලට ගැනීමත් නිසා එම ඉල්ලුම ටොන් 8000 පසුකරමින් තිබෙන බවයි දිසානායක මහතා පැවසුවේ.

එම තත්ත්වය මත මිස මේ රටේ පෙට්‍රල්,ඩීසල් හිඟයක් නොමැති බව හෙතෙම අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...