විසඳුමට එක්වෙයි ද?

Date:

ශ්‍රී ලංකාවේ පාලන ව්‍යූහය සකස් වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයේ හා සමාජවාදයේ මූලික හරයන් පාදක කරගෙනය. එය විවාදාපන්න අදහසක් වුව ප්‍රායෝගික වශයෙන් ගත් කල ඉහත හැඳින්වීම යුක්තිසහගතය. රටේ පාලන තන්ත්‍රය එක් අතෙකින් නිදහස අගය කරන අතර තව අතෙකින් මහජන මතයට ඇහුම්කන් දෙයි තවත් අතෙකින් සමානාත්මතාව ගොඩනැගීමට ප්‍රයත්න දරයි. මෙබඳු සන්දර්භයක මහජන බලවේගවලට ඇති සැලකිල්ල අත්හැරිය නොහැකිය. ආණ්ඩු පක්ෂයට මෙන්ම විපක්ෂයට ද රට ගැන වගකීමක් තිබේ. ප්‍රධාන විපක්ෂයට පමණක් නොව වෙනත් පිළිගත් පක්ෂ වෙත ද ඒ වගකීම සම සේ බෙදී යයි.

සර්වපාක්ෂික සමුළුවේ මූලික අරමුණු දෙකක් තිබිය යුතු බව අපට හැ‍ෙඟයි. පළමුවැන්න අර්බුදය විසඳා ගැනීම සඳහා කාටත් පිළිගත හැකි ශක්තිමත් රාමුවක් සකස් කර ගැනීමය. දෙවැන්න ඒ සඳහා සියලු පක්ෂ අතර පොදු එකඟතාවක් ඇති කර ගැනීමය. දේශපාලන පක්ෂ එකිනෙකට විරුද්ධ න්‍යායධර්ම හා වැඩසටහන් අනුව ක්‍රියාත්මක වන බව රහසක් නොවේ. එහෙත් ජාතික අර්බුදයක දී වඩාත් සුදුසු උපායමාර්ග භාවිත කිරීමට සෑම පක්ෂයක්ම එකඟ විය යුතුය. මෙහිදී සැලකිල්ලට ගත යුත්තේ පක්ෂයේ ජයග්‍රහණය නොව; රටේ හා ජනතාවගේ ජයග්‍රහණයයි. පොදු එකඟතාවක් සඳහා යම් කැප වීමක් කිරීමට ද සිදු වේ.

කුමන තත්ත්වයක් යටතේ වුව අර්බුදයේ යථා ස්වභාවය වටහා ගැනීම වැදගත් පියවරකි. සමහර දේශපාලන පක්ෂ හා නායකයන් ආණ්ඩුව විවේචනය කිරීම ඉතා සරුවට කරගෙන ගියත් අර්බුදයේ යථා ස්වභාවය වටහා ගෙන නැත. ඒ අනුව විවිධ යෝජනා හා වැඩසටහන් ඉදිරිපත් කරනු දැක ගත හැකිය. සමහර නායකයෝ විදේශ ණය මත පමණක් යැපීමට හුරු වී සිටිති. ඔවුන්ට හීනෙන් පවා අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙනෙන්නට පුළුවන. ඒවාට මුළුමනින්ම යටත් වුවහොත් ආණ්ඩුව තවදුරටත් අමාරුවේ වැටීමට පුළුවන.

ජනාධිපතිවරයා පත් කර ඇති ආර්ථිකය පිළිබඳ ජාතික සභාව හා ඊට අදාළ උපදේශක මණ්ඩලය මේ සියල්ලට වඩා වැදගත් යැයි අපට සිතේ. එහෙත් ප්‍රධාන දේශපාලන පක්ෂ එක මේසයක සිට රටේ අර්බුද ගැන කතා කිරීම නව ප්‍රවේශයකි. එහි ජාතික වටිනාකමක් සේම අන්තර්ජාතික වටිනාකමක් ද තිබේ. ජගත් ආයතන රටක පොදු එකඟතා ගැන විශේෂයෙන් සැලකිල්ල යොමු කරයි. දේශපාලන වශයෙන් අවුල් වියවුල් ඇති රටකට සහයෝගය දැක්වීමට ජගත් ආයතන ඉදිරිපත් වන්නේ නැත. බලවත් රටවල් ඒ සඳහා ඉදිරිපත් වන්නේ ද නැත. ඒ අනුව මේ සමුළුව අංශ ගණනාවකින්ම අපට වැදගත්ය.

සමුළුවේ කාර්යභාරය විය යුත්තේ කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කිරීම හෝ අනෙකා විවේචනය කිරීම හෝ නොවන බව ද සිහිපත් කළ යුතුය.

ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරි හරි දැන් අපි ගැහුව ඒවට අපිට රිටර්න් හම්බුණා! දැන් ඔය ළමයි ගිහින් නිදාගන්න!

සටහන – පුලීජූනි 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය විසින් කටාර්...

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, සවුදි අරාබිය ඇතුළු රටවල් කිහිපයකත් ගුවන් අවකාශ වැසේ!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):"එක්සත් අරාබි එමීර්...

Breaking News: කටාර් අගනුවරට මිසයිල ප්‍රහාර මාලාවක්!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  ඉරානය විසින්...

ඊශ්‍රායල-ඉරාන යුධ ගැටුම් මධ්‍යයේ කටාර් ගුවන් කලාපයේ ගමනාගමනය තාවකාලිකව අත්හිටුවයි!

සටහන – පුලීජූනි 23, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කටාර් රාජ්‍යය තම...