අවස්ථාව මඟනොහැර ප්‍රයෝජන ගන්න – සර්ව පාක්ෂික සමුළුවට එන්නැයි ආණ්ඩුවෙන් විපක්ෂයට යළි ඉල්ලීමක්! (VIDEO)

0
479

ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබුවේ ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු දෙනා කළ ඉල්ලීමක් අනුව වන හෙයින් ලබා දී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම සඳහා ඊට සහභාගී වන ලෙස යැයි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (22) කඩුවෙල අධිකරණ පරිශ්‍රයේ නව අධිකරණ සංකීර්ණයක් ඉදිකිරිම සඳහා වූ සාකච්ජාවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පවතින අර්බුදය විසඳ ගැනීම සඳහා සියලු දෙනා එකතු සාකච්ජා කළ යුතු වෙන අතර ආණ්ඩු මාරුවක් සිදුවුවද මෙය වෙනස කළ නොහැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

නමුත් එයට සහභාගී නොවන බවට විපක්ෂය කර තිබෙන ප්‍රකාශය සාධාරණ නැති බවද අලි සබ්‍රි මහතා කියා සිටියේය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here