විදේශීය පුරවැසියෝ දෙන්නෙක් ගෙනල්ලා අපිම තමයි මේ විනාශය කරගත්තේ – විජයදාස (VIDEO)

Date:

හෙට දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව තමන් දකින ආකාරයට විහිළුවක් වන අතර එයට ගමේ මරණාධාර සමිතියකට තියෙන බලය හෝ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (22) කොළඹදී ඔහු විසින් කැඳවා තිබුණු මාධ්‍ය හමුවේදීය.

මෙහිදී බලය දී ඇත්තේ පාර්ලිමේන්තුවට වන හෙයින් කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සෙවීම වන අතර ඒ සඳහා කළ යුතු වන්නේ අන්තර් කැබිනට්ටුවක් මඟින් අන්තර් ආණ්ඩුවක් ඇති කරගැනීම බව යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

මුලින්ම දැන් කළ යුත්තේ ජනතාව බේරා ගැනීම වන බවත් අප දන්නා ඉතිහාසය තුළ මෙලෙස අත්‍යවශ්‍ය දේ ලබා ගැනීමට පෝලිම්වල සිට ජනතාව මිය ගිය ඉතිහාසයක් නොතිබුණ බවයි රාජපක්ෂ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් රට තුළ සිදුව ඇති විනාශයට තමන් බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාට පමණක් ඇගිල්ල දිගු නොකරන අතර ආර්ථිකය ගැන මළ පොතේ අකුරක් නොදන්නා කෙනෙක්ව මුදල් ඇමතිවරයා ලෙස පත්කළ මෙම මෝඩ ජනාධිපතිවරයා මේ විනාශයට වගකිවයුතුව ඇති බවයි ඔහු අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...