දකුණේ තවත් වෙඩි වරුසාවක්. තරුණයින් දෙදෙනෙකු මරුට !!

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

දෙවුන්දර විශ්ණු දේවාලය අසලදී ඊයේ (මාර්තු 21) මධ්‍යම රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

මෙසේ වෙඩිතබා ඇත්තේ ඊයේ රාත්‍රී 11.45 ට පමණ දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට ය.

ඔවුන් දෙදෙනා දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවති මිතුරෙකුගේ උපන් දින සාදයකට සහභාගී ආපසු පැමිණෙමින් සිටියදී පසුපසින් පැමිණි වෑන් රථයකින් පැමිණි පිරිසක් වෑන් රථය යතුරුපැදියේ හප්පා ඉන් අනතුරුව ඔවුන්ට වෙඩිතබා ඇති අතර වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගිනිඅවියක් සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ තිබී T56 උණ්ඩ කොපු 39ක්, ජීව උණ්ඩ 02ක්ද, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ කොපු 02ක් හා ජීව උණ්ඩ 02ක් ද පොලීසියට හමුවී ඇත.

වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරන වෑන් රථයක් වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් පිහිටි අතුරු මාර්ගයක ගිණි තබා දමා ගොස් තිබියදී හමුවී ඇති අතර එය තුළ තිබී T56 ගිනිඅවියක මැගසින් එකක් සහ තවත් T56 උණ්ඩ කොපු හමුවී ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙහිදී මියගොස් ඇත්තේ දෙවිනුවර සිංහාසන පාරේ පදිංචිව සිටි යොමේෂ් නදිෂාන් හා පසිදු තාරුක නැමති 28 සහ 29 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...