කවීශට පස්වන තැන – අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 22, (LNW)කොළඹ

ජාත්‍යන්තර ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 60 කඩුලු ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ කවීශ බණ්ඩාර මූලික තරගයේදී පස්වන තැනට පත් වුණා.එහෙත්හ ඔහුට තව දුරටත් එම ඉසව්වේ දස්කම් දැක්වීමට අවස්ථාවක් හිමිවෙමින් වාර්තා කළ කාලය අනුව අවසාන පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වුණා.
තරගයේ ආරම්භක කොටසේදී හොද ආරම්භයක් සමඟ සෙසු තරගකරුවන්ට අභියෝගයක් එල්ල කරන්නට ලාබාල කවීශ සමත් වුණත්,අත්දැකීම් සහිත තරගකරුවන් සමඟ එම තත්ත්වය දිගින් දිගටම රඳවා ගන්නට කවීශ අසමත් වුණා.තරගයේ හොදම ආරම්භක ප්‍රතික්‍රියා කාලය වාර්තා කර තිබුණේද කවීශයි.

අවසාන කඩුලු දෙකම ඔහුගේ ධාවනයට බාධාවක් වෙමින් පය පැටලී බිදී ගිය අතර ඔහුගේ පෞද්ගලික හොදම කාලය මෙන්ජාතික වාර්තාවද වන තත්පර 7.80 වෙනුවට ඔහුගෙන් වාර්තා වූ කාලය තත්පර 7.87 ක් ලෙස සඳහන් වුණා.


කෙසේ නමුත් වයස සමඟ සළකද්දී මේ තරගාවලිය තුළ ශ්‍රී ලංකාවට හිමි හොදම අනාගත ආයෝජනය කවීශ බණ්ඩාර ලෙස හැදින්විය හැකියි.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...