ගාසාහි එකම පිළිකා ප්‍රතිකාර රෝහලත් ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශයි!

Date:

කොළඹ LNW:ගාසා තීරයේ පැවති එකම විශේෂ පිළිකා රෝහල ඊශ්‍රායල ප්‍රහාර වලින් විනාශ වී ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

තුර්කි – පලස්තීන මිත්‍රත්ව රෝහලක් ලෙස එය ඉදිකර තිබෙන අතර එයට අනුග්‍රහය දක්වා ඇත්තේ තුර්කි සහයෝගිතා සහ සම්බන්ධීකරණ ඒජන්සිය විසිනි.

එම රෝහලේ ඉදිකිරීම් 2011 දී ආරම්භ වී තිබෙන අතර 2017 දී එහි ඉදිකිරීම් අවසන් කර තිබේ. ඩොලර් මිලියන 70 ක වියදමින් නිම කර ඇති එම රෝහල ගාසා තීරයේ විශාලතම වෛද්‍ය පහසුකම් සහිත රෝහල ලෙස සලකනු ලැබූ අතර එහි මුළු අභ්‍යන්තර ඉඩ ප්‍රමාණය වර්ග මීටර් 33,400 (වර්ග අඩි 359,514) ක් ලෙස දැක්වෙයි.

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගාසා තීරයේ පිළිගත් එකම රෝහල එය වූ අතර වසරකට පුද්ගලයින් 30,000 කට ප්‍රතිකාර කිරීමේ හැකියාව ඊට තිබී ඇත.

එවැනි රෝහලක් විනාශ කිරීම භයානක අපරාධයක් ලෙස ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

කෙසේවෙතත් සටන් විරාමය උල්ලංඝනය කරමින් මේ වන විට ඊශ්‍රායලය කටයුතු කරමින් හිඳින අතර ගෙවුණු සතියේ එල්ල වුණු ප්‍රහාරවලින් දරුවන් 200ක් සහ කාන්තාවන් 110කට වැඩි පිරිසක් මිය ගොස් තිබුණි.

ඒ අනුව ඊශ්‍රායලය ඉතා මිලේච්ජ ලෙස ගාසාව සම්බන්ධයෙන් හැසිරෙන ආකාරයක් පෙන්නුම් කරමින් තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...