ආහාර සුරක්ෂිතතාවය සදහා පසු අස්වනු තාක්ෂණය:කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් තවත් වැඩක්!

Date:

කොළඹ LNW:ජාතික පසු අස්වනු කළමණාකරන ආයතනය පිහිටුවා 2025 වසරට වසර 25 ක් සපිරෙන අතර 2025 පසු අස්වනු තාක්ෂණ දිනය නිමිත්තෙන් එළඹෙන අප්‍රේල් මස 03 වැනිදා ප්‍රදර්ශන වැඩමුළුව අනුරාධපුර, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතන පරිශ්‍රයේදී පෙ.ව. 09.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

පසු අස්වනු තාක්ෂණය සමාජය තුළ වඩාත් පුළුල් ලෙස ප්‍රචලිත කිරීම අරමුණු කරගනිමින් “ආහාර සුරක්ෂිතතාවය සදහා පසු අස්වනු තාක්ෂණය” තේමාව යටතේ එය පැවැත්වෙයි.

රජයේ “නවීන ජිවිතයක් පොහොසත් රටක්” ප්‍රතිපත්තිය අරමුණු කරගනිමින් “ඉහළ ඵලදායිතාවක්-ආහාර සුරක්ෂිත රටක්” යන තේමාව යටතේ ඉදිරි කාලයේදි කාෂි භෝගවල පසු අස්වනු හානිය තවදුරටත් අවම කිරිම මගින් ජාතික ආහාර සුරක්ෂිතතාවය සාක්ෂාත් කිරිම සහ දේශිය හා විදේශිය වෙළදපොල ඉලක්ක කරමින් නව කෘෂි ව්‍යවසායකින් බිහි කිරිම තුලින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දිම සදහා ජාතික පසු අස්වනු කලමණාකරණ ආයතනය මගින් විශාල කාර්යයාරයක් සිදු කිරිමටද සැලසුම්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...

ඇඳ පොළවේ නැටීම දුෂ්කරය – ක්‍රීඩාවේ අසුභ සෝදා සුබ වර්ණ ගැන්වෙන නව වසරක්!

නිශ්මං රණසිංහ ජනවාරි 01, කොළඹ LNW: අද ජනවාරි පළමුවැනි දා.ඉකුත්...