සංචාරක පැමිණීම සුබයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 22, කොළඹ (LNW):

ජනවාරි 01 වනදා සිට මාර්තු 20 දක්වා විදෙස් සංචාරකයන් හය ලක්ෂ හතලිස් එක් දහස් නවසිය හැට එක් දෙනෙකු මෙරටට පැමිණ තිබෙන අතර , ජනවාරි 01 වනදා සිට  පසුගිය 16 වනදා දක්වා මෙරටට සංචාරකයන් 641,961ක් (හය ලක්ෂ හතලිස් එක්දහස් නවසිය හැට එක් දෙනෙකු) ශ්‍රී ලංකාවේ සංචාරයට එක් වුණ බව වාර්තා වේ.

මේ අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 98420 ක් වේ.

රුසියාවෙන් පැමිණ සංචාරකයින් පිරිස 80,953 ක් වන අතර, එක්සත් රාජධානියෙන් 58,124 දෙනෙකු පැමිණ ඇත.

ජර්මනිය, ප්‍රංශය, චීනය , ඕස්ට්‍රේලියාව ආදී රටවලින් ද සංචාරකයන් විශාල වශයෙන් පැමිණ තිබෙන බව වාර්තා වේ.

සංඛ්‍යා ලේඛණ වාර්තා පෙන්වා දෙන්නේ, මේ මස 01 වනදා සිට 16 වනදා දක්වා විදෙස් සංචාරකයන් එක් ලක්ෂ  හතලිස් අට දහස් නවසිය අසූ තුන් දෙනෙකු මෙරට සංචාරයට එක් වූ බවයි. එම සංඛ්‍යාවට ඉන්දියාවෙන් පැමිණි 19,317 දෙනා ද රුසියාවෙන් පැමිණි දාසය දහස් පන්සිය හැට දෙදෙනාද  ඇතුළත් වේ. මේ මස පළමු දින 16 තුළ තවත් බොහෝ රටවලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

2024 වසර සමග සැසදීමේදී මෙම වසරේ සෑම සතියකම පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබිම විශේෂත්වයක් වේ. මේ අතර මෙරට ගැමි ජීවිතයේ අත්දැකිම් විදගැනීමට බොහෝ විදෙස් සංචාරකයන් උත්සුක වන අතර, හබරන හිරිවඩුන්න ගම්මානයට විදෙස් සංචාරකයන් බොහෝසෙයින් පැමිණීමෙන් ඒ බව තහවුරු වේ. මෙම ගම්මානයේ ඇති ගැමි පරිසරය බොහෝ විදේශිකයන් ඇලුම් කරන අතර, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව,ජපානය හා රුසියාව ආදී බොහෝ රටවලින් පැමිණි සංචාරකයන් හිරිවඩුන්න ගම්මානයට පැමිණෙන්නේ මේ හේතුවෙන් බවද කිව හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...