සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 22; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැය 48ක් ඇතුලත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ විදුලි බලාගාර ‘මකා දමන’ බවට අනතුරු අඟවා තිබේ.
එක්සත් ජනපද ජනාධිපතිවරා සිය Truth Social සමාජ මාධ්‍ය වේදිකාව හරහා මේ බව සඳහන් කර තිබිණි.
“මෙම නිශ්චිත මොහොතේ සිට පැය 48ක් ඇතුළත ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත නොකළහොත්, ඇමරිකා එක්සත් ජනපදය ඔවුන්ගේ විවිධ බලාගාරවලට පහර දී විනාශ කරනු ඇත, පළමුව විශාලතම එකකින් ආරම්භ වේ! මේ කාරණය කෙරෙහි ඔබේ අවධානයට ස්තූතියි.”

ඉරානය සහ ඕමානය අතර පිහිටා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය, ලෝකයේ වඩාත්ම තීරණාත්මක තෙල් ප්‍රවාහන මාර්ගවලින් එකක් වන අතර, ගෝලීය තෙල් සැපයුම්වලින් දළ වශයෙන් සියයට 20 ක් ඒ හරහා සිදුකෙරේ, ඉරානයට එරෙහිව ඇමරිකා – ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වී පෙබරවාරි 28 වන දා සිට ඉරානය සමුද්‍ර සන්ධියේ අවම වශයෙන් නැව් 16 කට පහර දී ඇති අතර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාමට උත්සාහ කරන ඕනෑම යාත්‍රාවකට පහර දෙන බවට ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) නිවේදනය කර ඇත.
පසුගිය සතියේ ජනාධිපති ට්‍රම්ප් විසින් එක්සත් ජනපද ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහි යුද්ධයේ නව පියවරක් වශයෙන් චීනය, ප්‍රංශය, ජපානය සහ එක්සත් රාජධානියෙන් යුධ නවුකා හොමුස් සමුද්‍ර සන්ධියට යොමු කරන ලෙස කරන ලද ඉල්ලීම සියලුම රටවල් විසින් ප්‍රතික්ෂේප කර තිබු අතර ඉරානය විසින් ඇමරිකා හා ඊශ්‍රායල් නවුකා හැර යුවාන් වලින් ගනුදෙනු කරන අනෙක් රටවලට නිදහසේ ගමන් කිරීමට මේ වන විට අවසර දී ඇත.

