කාන්තාවන්ට බැට දෙන ඇෆ්ගනිස්තානයට ඔලිම්පික් වැට බදියි

Date:

අධ්‍යාපන නිදහසේ සිට සියලු කාන්තා අයිතිවාසිකම්වලට බැට දෙන ඇෆ්ගනිස්තානු දේශපාලනය විසින් ක්‍රියාත්මක කරන පාලනය නිසා 2024 පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගිවීමේ අවස්ථාව ඇෆ්ගනිස්තානයට අහිමි විය හැකි බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ සරණාගත සාමාජිකා අලි සාඩා පවසනවා.

කාන්තාවන් සහභාගි කරවීමට ඇෆ්ගනිස්ථාන බලධාරීන් එකඟ නොවන්නේනම් පැරිස් ඔලිම්පික් උළෙලට රටක් වශයෙන් සහභාගි වන්නට ඇෆ්ගනිස්තානයට සහබාගි වන්නට නොහැකි වනු ඇති බව සාඩා පවසනවා.මසෝමා අලි සාඩා 2017 දී පැරිසියේ සරණාගතභාවය ලබා ගත් අතර 2020 දී ඇය ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ සරණාගත කණ්ඩායම වෙනුවෙන් පාපැදි තරග නියෝජනය කළා. පසුගිය වසරේ ඇය IOC මලල ක්‍රීඩා කොමිසමේ පළමු සරණාගත සාමාජිකාව බවට පත් වූ අතර ඇය පෙන්වා දෙන්නේ ඇෆ්ගනිස්තාන රජය සමඟ සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව උත්සාහ කළ නමුත් අවාසනාවකට ඇෆ්ගනිස්ථානයේ තත්වය වන්නේ ඒ පිළිබඳව උනන්දුවක් නොදැක්වීම බවයි.

එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට අනුව, තලෙයිබාන් විසින් කාබුල් අගනුවර නැවත අත්පත් කර ගැනීමෙන් පසු රටේ මිලියන 3.2 කට වැඩි ඇෆ්ගනිස්ථානුවන් අවතැන් වී ඇති අතර, ඔවුන්ගෙන් සියයට 70 කට වඩා කාන්තාවන් සහ ළමයින් ය. ෂරියා නීතිය පිළිබඳ එහි අර්ථ නිරූපණය නිසා කාන්තාවන් ද්විතීයික අධ්‍යාපනයෙන් සහ ක්‍රීඩාවෙන් බැහැර කිරීම සිඳු වී ඇති බව ද පවසන සාඩා, රජය එක් ගැහැණු ළමයෙකුට හෝ සහභාගී වීමට ඉඩ දී අවසාන මොහොතේ දී ඇෆ්ගනිස්ථානයට ලෝකයම සහභාගි වන ඔලිම්පික් උළෙලේ ඉඩක් ලබා ගැනිමට එකඟවනු ඇති බව විශ්වාස කරන බව ද කීවාය.

නමුත් සාඩා ම පෙන්වා දෙන්නේ තවමත් මේ පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා එකඟතාවයකට කතා කිරීම ඇෆ්ගනිස්තානය බැහැර කරමින් සිටින බවය.එම තත්ත්වය දිගටම ක්‍රියාත්මක වුවහොත් ඇෆ්ගනිස්තානයට 2024 දී පැරිස් ඔලිම්පික් උළෙලේ සශභාගීතිවය අහිමි වෙනවා නිසැකය.

නිශ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුමනේ කියන විට කඳු නැමිලද බිමට, කන්දක් පදින්නේ ඔහු පල්ලම ලෙසට

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඒ එම් සුමනවීර යනු...

සුපුරුදු මුහුණු නැවත කරළියට: GMOA සභාපති ලෙස යළිත් වෛද්‍ය සංජීව එයි! 

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : ඊයේ (28) පැවැති...

අළු කොළ පාට රාත්‍රිය හෙවත් නිශ්ශබ්දතාවේ සමීකරණය

හුදෙකලා තරුවක මුව වසාඅඵ පැහැති වලාකුළු හෙමින් පාවෙයිනිරිත දිග...