ලබන සඳුදායින් පස්සේ ගෑස් වෙළඳපොලට එවන්න මැදිහත් වෙනවා – ඇමති ලසන්ත

Date:

ලබන සඳුදායින් (27) පසු වෙළඳපොලට අඛණ්ඩව ගෑස් සැපයීම සඳහා මැදිහත්වන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

“ඉදිරි මාස තුන හතර තුළ නැවත ගෑස් නැතිවෙයි කියලා අනිසි බියක් ඇතිකරගන්න එපා. සඳුදායින් පස්සේ අඛණ්ඩව වෙළඳපොලට ගෑස් සැපයීම පිළිබඳව අපි අවශ්‍ය මැදිහත්වීම ඒ අදාළ රාජ්‍ය ආයතන සමග සිදුකිරීමට කටයුතු කරනවා”

ප්‍රශ්නය – විෂයභාර අමාත්‍යවරයා හැටියට අද තමයි මේ ප්‍රශ්නය හොයන්න බලන්න ආවෙ. ඔබතුමාට ජනාධිපතිතුමා බැන්නාද ගිහිල්ලා මේක බලන්න කියලා ?

“නෑ නෑ නෑ නෑ …. මට බැනලාවත් මොනවත් මේවා කරලා කිව්වෙ නෑ. ඉතිහාසයේ මෙවැනි දුකක් ගෑස් නැතිවීම නිසා ජනතාවට වුණේ නෑ කියන එකත් අපි නිහතමානීව පිළිගත යුතුයි”

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව පැවසුවේ ඊයේ (22) දිනයේදී කෙරවලපිටිය ලිට්‍රෝ ගෑස් අංගනයෙහි නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...

ඉන්දියාවේ අඛණ්ඩ සහය – තවත් හදිසි වෛද්‍යාධාර තොගයක් මෙරටට!(PHOTOS)

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් හදිසි...