2022 පෙබරවාරි මාසයේ උද්ධමනය 17.5% දක්වා ඉහළට

Date:

පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 දක්වා ඉහළ ගොස් තිබේ.

ජනවාරි මාසයේදී එය සටහන්වූයේ 16.8% ක් ලෙසයි.

ආහාර මෙන්ම ආහාර නොවන කාණ්ඩවල සිදුවූ මිළ ඉහළයෑම් මීට හේතුවී තිබේ.

මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය ජනවාරියේ පැවති 24.4% සිට 24.7% දක්වාද ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරියේ පැවති 10.2% සිට පෙබරවාරි මාසයෙදි 11% දක්වාද ඉහළ ගොස් ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

ආහාර, බලශක්ති සහ ප්‍රවාහන අංශ හැර පවතින උද්ධමනය පිළිබිඹු කරන මූලික උද්ධමනය – Core inflation, ජනවාරි මාසයේ 12.9% සිට පෙබරවාරි මාසයේදී 14.1% දක්වා ඉහළ ගොස් ඇත.

සහල්, මයිසූර් පරිප්පු, කිරිපිටි, නැවුම් පලතුරු, පොල්, මිරිස් කුඩු, තිරිඟු පිටි, රතු ළූණු, පොල්තෙල්, නැවුම් මාළු, කරවල, කරවල, මිරිස්, කුකුල් මස්, කරපිංචා, පාන් ආදී ආහාර ද්‍රව්‍යවල මිල ගණන් යළිත් වරක් ඉහළ ගොස් ඇත. එළවලු, බිත්තර, දෙහි, අමු මිරිස්, ලොකු ළූණු සහ අර්තාපල් සඳහා දර්ශක අගයන්හි අඩුවීමක් වාර්තා වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපට චීනයට විකිණිය හැක්කේ මොනවාද ?

පසුගිය 2024 වසර තුළ ලංකාව චීනයෙන් ඩොලර් මිලියන 4,365.7ක...

ලොහාන්ගේ අවසන් කටයුතු ඉරිදා මහනුවරදී

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු අගෝස්තු...

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු සමාජ සදාචාරත්වයට තර්ජනයක්

මිනිසුන් කුපිත කරවන කාදිනල්තුමාගේ බොරු කතා සමාජ සදාචාරත්වයට තර්ජනයක්

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එක්දින තරග 7 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න්...