යුක්රේන අර්බුදය විසඳන්න රුසියානු – ප්‍රංශ නායකයන් අතර සාකච්ඡා

Date:

යුක්රේන අර්බුදය විසඳා ගැනීම සඳහා ප්‍රංශ ජනාධිපති එමැනුවෙන් මැක්රෝන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දුරකතන මාර්ගයේ මෙම සාකච්ඡාව පැවැත්වූයේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුවයි.

යුක්රේනය සහ රුසියාව අතර හටගෙන ඇති යුදමය අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා ප්‍රංශ ජනාධිපතිවරයා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන අතර ඔහු පුටින්ගෙන් ඉල්ලා තිබෙන්නේ යුක්රේන වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි. දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් පිළිබඳවද අවධානය යොමුව තිබේ.

රුසියානු ප්‍රහාර හමුවේ මේ වනවිට මයුරිපෝල් නගරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ. කෙසේ නමුත් මේ වනවිටත් එම නගරයේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ජනතාව රැඳී සිටින අතර ඔවුන්ට ආහාර, ජලය, ඖෂධ වැනි මූලික පහසුකම් හෝ නොමැති බවයි ජනාධිපතිවරයා ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නේපාලයේ Facebook, X අවකාශය සහ Youtube අක්‍රිය කෙරේ!

කොළඹ LNW:නේපාල රජය නිකුත් කර ඇති සමාජ මාධ්‍ය ජාලා...

භූමිකම්පාවෙන් පසු ඇෆ්ගනිස්ථානයට ඉදිරියේදී කුමක් සිදුවේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): විනාශකාරී භූමිකම්පාවක් ඇෆ්ගනිස්ථානයේ...

වායු දුෂණය ඩිමෙන්ශියා රෝගයට හේතු විය හැකි බව පර්යේෂණ මඟින් සොයා ගැනේ,

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වායු දුෂණය...

ලොවම බලා සිටි චීනයේ හා උතුරු කොරියා නායකයින්ගේ හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං සහ උතුරු කොරියානු නායක...