*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

පුටින් වියරුවෙන් පීඩිත යුක්රේනියානුවන් වෙනුවෙන් තම සාම ත්‍යාගය වෙන්දේසි කරන රුසියානු නොබෙල් සම්මානලාභියා – දිමිත්‍රි මුරාටොව්!

නොබෙල් සම්මානලාභී කීර්තිමත් රුසියානු ලේඛකයකු වන දිමිත්‍රි මුරාටොව් මහතා යුක්රේනයේ මතුව ඇති යුධමය වාතාවරණය තුළ අසරණ වූ යුක්රේන වැසියන්ට පිහිටවීම සඳහා අරමුදල් එක්රැස් කිරීමට තම නොබෙල් සම්මානය වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.

රුසියානු පුවත්පතක් වන නොවායා ගසේතා හි සංස්කාරකවරයකු වන දිමිත්‍රි පවසා සිටියේ ඉකුත් වසරේ තමාට ලැබුණු නොබෙල් සාම ත්‍යාගය යුක්රේන සරණගාත අරමුදල වෙත පරිත්‍යාග කිරීමට තමා තීරණය කළ බවයි.

රුසියානු ආක්‍රමණය සමඟ මේ වන විටත් යුක්රේනයේ සරණාගතයන් මිලියන 10 කට අධික ප්‍රමාණයක් සිටිනා බවත් ඔවුනට පිහිට වීමට තමා හා තම පුවත්පත සිය සාම ත්‍යාගය වෙන්දේසි කිරීම සඳහා වෙන්දේසි ආයතන වෙත දැනුම් දීමක් සිදුකළ බවත් ඒ මහතා පවසනවා.

දිමිත්‍රි ගේ නොවායා ගසේතා යනු ස්වාධීන මතධාරී පුවත්පතකි. රුසියානු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ සෑම දැවැන්තයකුම එරට ජනපති ව්ලැදිමිර් පුටින් ප්‍රමුඛ ක්‍රෙම්ලින් පාලනයේ ග්‍රහණයට නතු වී තිබෙන මේ මොහොතේ රුසියානු පාලනාධිකාරියේ ක්‍රියාකලාපය විවේචනය කරන ඉතා අතලොස්සක් වූ පුවත්පත් අතරින් එකකි නොවායා ගසේතා. 

එය ද මතු දිනෙක අවසන් ගමන් යනු ඇති බවට ඇතැමුන් විශ්වාස කරනවා.

පුටින් ප්‍රමුඛ ක්‍රෙම්ලින් අධිකාරිය විසින් ඉකුත් දිනක ප්‍රකාශ කර තිබුණේ යුක්රේනයේ මතුව ඇති තත්ත්වය “යුද්ධයක්” යනුවෙන් අර්ත නඟන සෑම මාධ්‍ය ආයතනයක් හා මාධ්‍යවේදියකුටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. 

ඒ අනුව නොවායා ගසේතා පුවත්පත ද යුක්රේනයේ තත්ත්වය සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී යම් වාරණයකට යටත්ව කටයුතු කරනු ඇති බවට පැවසෙනවා.

මීට ඉහත අවස්ථාවක රුසියානු රාජ්‍ය මාධ්‍ය විසින් ලබා දුන් මාධ්‍ය ආවරණයක් අතරතුරදී පුවත් කතෘවරියක් විසින් රුසියාවේ ක්‍රියාකලාපයට විරුද්ධව යුධවිරෝධී ව්‍යාපාරයක නිරත වී සිටින අයුරු සේයාගත වී තිබුණා. මෙම ඡායාරූපය ඉකුත් දිනක නොවායා ගසේතා පුවත්පතේ මුල්පිටුවේ පළ වී තිබුණා.

දිමිත්‍රි රුසියානු රජයේ ක්‍රියාකලාපයට සෘජුවම විරුද්ධ වූ පුද්ගලයෙකි. මතුව ඇති තත්ත්වය තුළ ඔහු පවසා තිබුණේ රුසියානු රජය විසින් මේ මොහොතේ කළ යුතු ක්‍රියාවන් පහක් ඇති බවයි. ඒවා නම්;

  • යුධවැදෙමින් ප්‍රහාර දියත් කිරීම නවතා දැමීම
  • සිරකරුවන් හුවමාරු කිරීම
  • මරණයට පත්වූ පුද්ගලයන්ගේ සිරුරු මුදා හැරීම
  • මානවවාදී සහාය යුක්රේනයට ලබාදීම සහ
  • සරණාගතයන්ට සහාය දැක්වීම

2000 වසරේ සිට මේ දක්වා දිමිත්‍රි ගේ නොවායා ගසේතා පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදීන් සය දෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

ඉකුත් වසරේ දිමිත්‍රි සිය නොබෙල් සාම සම්මානය දිනා ගත්තේ පුවත් වෙබ් අඩවියක් වන රැප්ලර් හි සම නිර්මාතෘ පිලිපීන ජාතික මරියා රෙසා සමඟයි. භාෂණයේ නිදහස සඳහා මිනිසුන්ට ඇති අයිතිය ආරක්ෂා කිරීමට ගොස් මරණයට පත්වූ අය සඳහා දිමිත්‍රි සිය නොබෙල් සම්මානය පුද කළා.

නොවායා ගසේතා පුවත්පත ආරම්භ වන්නේ 1993 වසරේදී; දිමිත්‍රි එහි ප්‍රධාන කතෘ බවට පත්වන්නේ 1995 දී. ආරම්භයේ පටන්ම රුසියානු රජයේ දූෂණ, අක්‍රමිකතා හා හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරමින් අභීත ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට කැපවුනු පුවත්පතකි නොවායා ගසේතා.

රුසියානු රජය පනවා ඇති දැඩි මාධ්‍ය මර්දන ප්‍රතිපත්තිය හමුවේ මතු දිනක නොවායා ගසේතා පුවත්පත ද හකුලා ගැනීමට සිදුවූවහොත් යුක්තිය වෙනුවෙන් හඬ නැඟි තවත් එක් මාධ්‍ය වේදිකාවක් එලෙස නිමාව දකීවි..

නමුත් හඬ නිමාවන්නේ නැත. එලෙස වසා දැමෙන සෑම වේදිකාවක් පාසාම නව වේදිකාවන් බිහිවේවි.

ප්‍රමෝද් චින්තක පීරිස්

ඡායාරූප: රොයිටර්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan