ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් හමාස් සංවිධානයේ ඉහළම දේශපාලන නායකයකු මරුට

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 23; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ දකුණු දිග ඛාන් යුනිස් නගරයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් හමාස් සංවිධානයේ ඉහළ පෙළේ දේශපාලන නායක සලාහ් අල්-බර්ඩවීල් මියගොස් ඇති බව හමාස් සංවිධානය නිවේදනය කර තිබේ.

66 හැවිරිදි සලාහ් අල්-බර්ඩවීල් හමාස් සංවිධානයේ ඉහලම දේශපාලන නායකයා වශයෙන් සැලකෙන අතර ගුවන් ප්‍රහාර හේතුවෙන් බර්ඩවීල් සහ ඔහුගේ බිරිඳ යන දෙදෙනාම මිය යන්නට ඇති බව විශ්වාස කෙරේ.

ඛාන් යුනිස් සරණාගත කඳවුරේ උපත ලැබූ ඔහු හමාස් නායකයා වන සින්වාර් සමීපව සිටි බව දන්නා අතර ව්‍යාපාරයේ නිර්මාතෘවරුන් අනුගමනය කරමින් හමාස් නායකත්වයේ දෙවන පරම්පරාවේ කොටසක් ලෙස සැලකේ.

මාස දෙකකට ආසන්න කාලයක් පුරා පැවති සටන් විරාමය අවසන් කරමින් ඊශ්‍රායලය විසින් මෙම සතිය මුලදී ගාසා තීරයට දැඩි ප්‍රහාර එල්ල කිරීම නැවත ආරම්භ කළ අතර ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 400කට අධික පිරිසක් ද මියගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර CID අධ්‍යක්ෂවරයා ලෙස පත්වෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී...

‘Dream Destination’ දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය නිළවශයෙන් ඇරඹෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...