ඊයේ (22) සිට ක්රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් සහ සුපිරි ඩීසල් මිල ද ඉහළ නැංවීමට ලංකා IOC සමාගම කටයුතු කර තිබේ.
ඒ අනුව, එම සමාගමේ ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 487ක් වන අතර, සුපිරි ඩීසල් (Super Diesel) ලීටරයක නව මිල රුපියල් 572ක් වේ.
එමෙන්ම Xtra Green Diesel මිල රුපියල් 588ක්ද, Xtra Mile Diesel මිල 551ක්, මෙන්ම Xtra Premium පෙට්රල් මිල 465ක් ලෙසද ඉහළ දැමීමට ලංකා IOC සමාගම පියවර ගෙන ඇත.
මීට පෙර පෙරේදා (21) දිනයේදීම ඔක්ටේන් 92 පෙට්රල් සහ ඔටෝ ඩීසල් මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිලට සමගාමීව වැඩිකිරීමට ලංකා IOC සමාගම කටයුතු කර තිබිණි.


