*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

එළඹෙන පාස්කු ඉරු දිනට පෙර මෙම පරීක්‍ෂණ ආරම්භ කරන්න – මෛත්‍රීගේ කතාවට විජිතගෙන් පිළිතුරු (VIDEO) (Video)

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 24, කොළඹ (LNW):

මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රකාශයට එරෙහිව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කියා සිටී.

ජනාධිපතිවරයෙක් ලෙස මෙවැනි අවස්ථාවක සිදුකළ යුත්තේ කුමක්ද කියා ඔහුට අවබෝධයක් තිබිය යුතු බවත් ඔහු පොඩි බබෙක් නොවන බවද පවසයි. නීතිඥයින්ගෙන් උපදෙස් ලබාගෙන අවශ්‍ය කටයුතු කලයුතුව තිබූ බවත්, හිටපු ජනාධිපතිවරයෙක් කියන්නේ මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් පාලනය කළ කෙනෙක් බවද පවසන විජිත හේරත් මහතා, එවැනි නායකයෙක් මාධ්‍ය ඉදිරියේ මෙවැනි ප්‍රකාශ කිරීම විහිළුසහගත බවද කියා සිටී,

ඒ පිළිබඳ ඔහු පැවසූවේ මෙවන් අදහසක්,

” අද මාර්තු 24 ගොක් ඉරිදා. ශුද්ධ වූ සතිය ආරම්භ වෙන්නේ අදයි. පාස්කු ඉරිදාට පෙර උදාවන ශුද්ධ වූ සතිය ආරම්භයේදීම මෛත්‍රිපාල සිරිසේන බෝම්බයක් අතහැර තිබෙනවා. පාස්කු ප්‍රහාරය කියන්නේ මේ රටේ ජීවිත සිය ගණනක් බිලි ගත්ත, දහස් ගණනක් ජීවිතවලට සෘජුවම බලපෑ ඛේදනීය සිදුවීමක්. අපේ රටේ දේශපාලනයේ හැරවුම් ලක්‍ෂයක් ලෙසත් පාස්කු ප්‍රහාරය හඳුන්වන්න පුළුවන්. එම බෝම්බ ප්‍රහාරය සිදුවන වෙලාවේ රටේ ආරක්‍ෂක ලේකම් මෛත්‍රිපාල සිරිසේනයි. ඒවගේම රටේ ජනාධිපතිවරයාත් සේනාධිනායකයාත් ඔහුයි. මේ පාස්කු ප්‍රහාරයත් සමග රටේ ජනතාවගේ කැළඹීමක් ඇතිවුණා. ඒ වගේම මෙම ප්‍රහාරය බලය ලබාගැනීම වෙනුවෙන් කළ කුමන්ත්‍රණයක් බවට ජනතාව තුළ සැකයක් ඇතිවුණා. මේ සම්බන්ධයෙන් විවිධ පරීක්‍ෂණ සිදුවුණා. විවිධ අයට චෝදනා එල්ල වුණා. නමුත් අද වන තුරුත් පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ කවුද කියලා නිවැරදිව හෙළිදරව් කරගෙන නැහැ. ඒ පිළිබඳව තවමත් නඩු විභාග වෙමින් තිබෙනවා. එවැනි තත්වයක් තළ තමයි මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය ඉතාමත් බලරපතල වන්නේ. මෙපමණ කාලයක් ඒ පිළිබඳව කිසිවක් හෙළි නොකර ඉඳලා දැන් ඔහු කියනවා, පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුද කියලා ඔහු දන්නවා කියලා. මෙතරම් ඛේදවාචකයක් සිදුකළ මෙම සිදුවීම සේනාධිනායකයා ලෙස ඔහු වසන්කරගෙන සිටීම බරපතල තත්වයක්. මෙම ප්‍රකාශය හිටපු ජනධිපතිවරයෙක් ලෙස ඔහු කිසිදු වගකීමකින් තොරව සිදුකළ එකක්. ජීවිත ගාණක් බිළිගත්ත ප්‍රස්කු ප්‍රහාරය වැනි බරපතල සිදුවීමක් සැහැල්ලුවෙන් සලකන්න බැහැ. මෛත්‍රීපාල සිරිසේනට වගකීමක් තිබෙනවා, මේ සිදුවීම පිළිබඳ ඔහු දන්න තොරතුරු රටට හෙළිදරව් කිරීමට. වගකිව යුතු හිටපු ජනාධිපතිවරයෙක් ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යවලට වොයිස් කට් එකක් ලබාදීම නෙවෙයි ඔහු කළ යුතු වන්නේ. ඔහු වගකීම් සහගතව වැඩකළ යුතු පුද්ගලයෙක්. ඔහු ඒ පිළිබඳව ඇතත් තත්වය දන්නවා නම් මාධ්‍යවලට වොයිස් කට් ලබාදීම වෙනුවට ඒ සම්බන්ධයෙන් රහස් පොලීසියට කට උත්තරයක් ලබාදිය යුතුයි. එසේ නොමැති නම් නීතිඥයින් මගින් අධිකරණයට තොරතුරු ලබාදෙන්න පුළුවන්. ඒ නිසා මෙම ප්‍රකාශය පාස්කු ප්‍රහාරය ඉතා සැහැල්ලුවෙන් සලකා කටයුතු කිරීමක් ලෙසයි අපි දකින්නේ.

හිටපු ජනාධිපතිවරයෙක් ලෙස මෙවැනි අවස්ථාවක සිදුකළ යුත්තේ කුමක්ද කියා ඔහුට අවබෝධයක් තිබිය යුතුයි. ඔහු පොඩි බබෙක් නෙවෙයි. නීතිඥයින්ගෙන් උපදෙස් ලබාගෙන අවශ්‍ය කටයුතු කරන්න තිබුණා. හිටපු ජනාධිපතිවරයෙක් කියන්නේ මේ රටේ දෙකෝටි විසි ලක්ෂයක් පාලනය කළ කෙනෙක්. එවැනි නායකයෙක් මාධ්‍ය ඉදිරියේ මෙවැනි ප්‍රකාශ කිරීම විහිළුසහගතයි. ඒ නිසා අපි ජාතික ජන බලවේගය ලෙස දැඩි ලෙස කියා සිටිනවා මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ගත හැකි ගත යුතු ඉහළම ක්‍රියාමාර්ග අනිවාර්යයෙන් කඩිනමින් ගන්න කියලා. එය කිසි ලෙසකින්වත් කල් නොදැමිය යුතුයි. රජයේ මෙන්ම පොලිස් ඇමතිවරයාගෙත් වගකීමක් මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදුකිරීම. නමුත් අපි තවමත් දකින්නේ නැහැ මේ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරනවා කියලා. මෛත්‍රීපාල සිරිසේන මේ කරුණු දැනගෙන සිටියා නම් සඟවාතබාගෙන සිටීම බරපතල තත්වයක්. ඒ වගේම අපරාධයක්. අපේ රටේ ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් බලාගෙන ඉන්නවා පාස්කු ප්‍රහාරය කළේ කවුද කියල දැනගන්න. එම අපරාධය සිදුකළේ කවුද කියලා, සිදුකළේ මොකටද කියලා දැනගන්න මේ රටේ ජනතාවට අයිතියක් තිබෙනවා. පාස්කු ප්‍රහාරය කියන්නේ මේ රටේ ජනතාව සිය ගණනක් බිලි ගත්තා පමණක් නොව මේ රටේ ජනතාවගේ ඉරණම වෙනස්කළ සිදුවීමක්. ඒ නිසා එය ර හසිගත සිදුවීමක් වෙන්න බැහැ. ඒ නිසා අපි මෛත්‍රීපාල සිරිසේනටත් බලකර කියා සිටිනවා තමන් දන්නා දේ රටට හෙළිදරව් කරන්න කියලා. ඒ වගේම අපි ආණ්ඩුවට බල කරනවා, මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණයක් ආරම්භ කරන්න කියලා. මුලින් මෛත්‍රීපාල සිරිසේන කිව්වේ තමන් ඒ පිළිබඳව දන්නා බවයි. දින දෙකකට පසුව ඔහු කියනවා, වෙනත් පුද්ගලයෙක් තමන්ට ඒ පිළිබඳව තොරතුරු ලබා දුන්නා කියලා. මේ ප්‍රකාශවල පරස්පරයක් තිබෙනවා. ඒ නිසා එම ප්‍රකාශ ඉතාම සාහසිකයි. පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීමට නම් මේ පිළිබඳ පරීක්‍ෂණ කඩිනම් විය යුතුයි. මේ රටේ ජනතාවට ඇත්ත දැන ගැනීම වෙනුවෙන් සාධාරණය යුක්තිය ඉටුවීම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේනගේ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් විධිමත් කඩිනම් පරීක්‍ෂණයක් සිදු කරලා ආණ්ඩුව ඇත්ත හෙළිදරව් කළ යුතුයි. මේ ශුද්ධ වූ සතිය ආරම්භයේදීම සහ එළඹෙන පාස්කු ඉරු දිනට පෙර මෙම පරීක්‍ෂණ ආරම්භ කළ යුතුයි කියලා අපි ආණ්ඩුවට බලකර කියනවා”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan