විපක්ෂ නායක සජිත් සහ මෙරට නවසීලන්ත තානාපතිවරයා අතර හමුවක් (VIDEO)

0
271

නවසීලන්ත තානාපති මයිකල් එඩ්වඩ් ඇපල්ටන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (23) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.

ශ්‍රීලංකාවේ දියුණුව සහ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස එහිදී විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් මිදී නවීන සහ නූතන විපක්ෂයක් ලෙස සමගි ජනබලවේගය කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකවරයා, සක්වල සහ සමගි ජනබලවේගයෙන් හුස්මක් වැනි වැඩසටහන් ඊට සාක්ෂි සපයන බවද කීය.

දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබදතා තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව මෙහිදී විශේෂ අවධානයක් යොමුවූ අතර දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාවය පිලිබදව ද මෙහිදී නවසීලන්ත තානාපතිවරයා අවධානය යොමු කරනු ලැබීය.

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවත්නා අතිශය සමීප අන්‍යෝන්‍ය සුහදතාවය පිළිබඳවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අදහස් දැක්වීය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here