මම ෂෙඩ්වලටත් ගිහින් බැලුවා, ඉන්ධන මිල වැඩි කළාට ජනතාවගෙ විරෝධයක් නෑ – ඛනිජ තෙල් සභාපති

Date:

ඉදිරි දින දෙකක කාලය ඇතුළත ඉන්ධන හිගය අවසන් වනු ඇති බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. දින දෙකක් තුළ ඊට විසඳුම් ලබාදෙන බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

රටතුළ බරපතල ඉන්ධන හිගයක් නොමැති බව පෙන්වා දෙන සභාපතිවරයා පවසන්නේ ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීම ඉන්ධන හිගයක් ඇතිවීමට හේතු වී ඇති බවයි. ඇතැම් පුද්ගලයන් කෑන්වලට පවා ඉන්ධන ලබාගෙන ගබඩා කරගෙන සිටින බවද ඔහු පවසනවා.

මේ සම්බන්ධයේන සොයා බැලීම සඳහා ඛනිජ තෙල් සංස්ථා සභාපතිවරයා ඉන්ධන හල් වෙත ගොස් සොයා බලා ඇති අතර ඔහු පවසන්නේ මාධ්‍යවලින් පෙන්වන තරම් ගැටලුවක් ඉන්ධන හල් ආශ්‍රිතවන නොමැති බවයි.

ඉන්ධන මිල ඉහළ දැමීම ජනතාවට දරාගත නොහැකි තත්වයට පත්ව ඇති බව ඇතැමුන් ප්‍රකාශ කරන නමුත් ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ කිසිදු විරෝධයක් නොමැති බවද සභාපතිවරයා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...