ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (24) පෙරවරුවේ සංචාරක සංවර්ධන අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.
එහි කටයුතු සිදුවන ආකාරය ගැන ජනාධිපතිවරයා නිරීක්ෂණය කර තිබෙන අතර නිලධාරීන් ඇතුළු සේවකයින් සමඟද සුහද කතාබහක නිරත වී ඇත.
පසුගිය 16 වැනිදාද කොළඹ, දෙමටගොඩ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ප්රධාන ඉංජිනේරු ධාවනබල උපදෙපාර්තමේන්තුව සහ මාළිගාවත්ත දුම්රිය අංගනයේ නිරීක්ෂණයකට ද එක්ව තිබුණි.
මේ අතර පසුගිය 1 වැනිදාද බත්තරමුල්ල, කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්රධාන කාර්යාලය ද ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කරන ලදී.
ASK