කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් රටේ ආහාර සුරක්ෂිතතාව පවතින බවට ප්‍රකාශ කළද එය එසේ නොවන බවට අද (24) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
ආහාර සුරක්ෂිතතාව රට තුළ තහවුරු කර ඇත්නම් ජනතාවට දරාගත හැකි මුදලකට ආහාර පාන ලබා ගැනීමට හැකියාව තිබිය යුතු බවයි විපක්ෂ නායකවරයා පැවසුවේ.
අද එය ඉතා අපහසු කාරණයක් වී ඇති බවයි හෙතෙම අවධාරණය කළේ.
ඒ අනුව විපක්ෂ නායකයා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් රටේ ආහාර සුරක්ෂිතබව ගැන විමසන විට ඊට පෙරළා කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ නුරේදීම සමඟි ජන බලවේගයෙන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවයි.
ASK