*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

ලිංගික දිශානතිය මත වෙනස්කම් කරන නීතියක් ලංකාවේ නෑ, එහෙම තියනවා නම් එය ව්‍යවස්ථා විරෝධීයි! – රජය පිළිගනී!

ලිංගික දිශානතිය මත පදනම්ව වෙනස්කොට සැලකීම් කළ හැකි නීතියක් ශ්‍රී ලංකාවේ නැති අතර, එවන් නීතියක් පවතින්නේ නම් එය ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රී ලංකා රජය පවසයි.

මෙම ප්‍රකාශනය ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් සිදුකර තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට වෙනස් කොට සැලකීම තුරන් කිරීමේ ප්‍රඥප්තියට (Convention on the Elimination of All Forms of Discrimination against Women – CEDAW) අදාළ කමිටු සමාලෝචනය අතරවාරයේදී ය.

සමලිංගික ලිංගික ක්‍රියා සාපරාදී ක්‍රියාකාරකමක් ලෙස සලකන ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය නිසා ශ්‍රී ලංකාවේ සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්නභාවී ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කරන ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිනියකගේ හිමිකම් උල්ලංඝනය වී ඇති බව, එක්සත් ජාතීන්ගේ කාන්තාවන්ට එරෙහි වෙනස්කොට සැලකීම් තුරන් කිරීම පිළිබඳ කමිටුව විසින් නිගමනය කර තිබේ.

මීට අදාළව පවත්වන ලද CEDAW කමිටු වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සුළුතර ලිංගික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා කටයුතු කරන සංවිධානයක් වන ඊක්වල් ග්‍රවුන්ඩ් සංවිධානයේ නිර්මාතෘ සහ එහි විධායක අධ්‍යක්ෂ රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.

1883 වර්ෂයේ ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365අ වගන්ති ඔස්සේ ‘පිරිමි අතර සිදුවන’ ‘අස්වාභාවික ක්‍රියා’ නම් වරදක් යටතේ සමරිසි පුරුෂයන් අත්අඩංගුවට ගැනීමට ප්‍රතිපාදන සපයා තිබූ අතර, 1995 වර්ෂයේ ඊට යෙදෙන ලද අංක 22 දරණ සංශෝධනය හරහා මෙම නීතිය කාන්තාවන්ට ද වලංගු කරමින් ‘ඕනෑම පුද්ගලයකු අතර සිදුවන’ ‘අස්වාභාවික ක්‍රියා’ යනුවෙන් සංශෝධනය වීමක් සිදුවන ලදී. මෙමඟින් සමරිසි කාන්තාවන් හා සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් ද මෙම නීතියේ වින්දිතයකු බවට පත්වූ අතර, එහි පවතින අපැහැදිලිභාවය නිසාම පොලිස් නිලධාරීන් විසින් සුලභව මෙම නීතිය අවභාවිතා කරමින් විවිධ ලිංගික අනන්‍යතා දරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම සිදුවේ.

මෙම සංශෝධනයන් සිදුවීමත් සමඟ සමරිසි කාන්තාවන් ඉලක්ක කිරීම වැඩිවශයෙන් සිදුවූ අතර, ශ්‍රී ලංකාවේ සුළුතර ලිංගික අයිතිවාසිකම් ක්‍රියාධරයන් අතර ප්‍රධානතම ක්‍රියාකාරිනියක් වන රොසෑනා මහත්මියට විවිධ මට්ටමේ ප්‍රහාර, හිරිහැරයන්, ප්‍රචණ්ඩත්වයන්, අපකීර්තීන් හා තර්ජනයන් වලට ලක්වීමට සිදුව ඇත. මෙය හුදෙක්ම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ටත් වඩා විවිධ පුවත්පත්, අන්තර්ජාලය, සමාජ මාධ්‍ය, විවිධ අන්තවාදී සිවිල් බලවේග ආදී ප්‍රවාහ විසින් සිදුව ඇත.

CEDAW කමිටු සමාලෝචනය තුළ රජය පාර්ශවයෙන් තරයේ අවධාරණය කර තිබෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ඔස්සේ සුළුතර ලිංගික ප්‍රජා අයිතිවාසිකම් සුරක්ෂිත වන බවත්, නීතිය සියළු දෙනා ඉදිරියේ එක සමාන බවත් ය. 1883 දණ්ඩ නීති සංග්‍රහයේ අඩංගු සියලු වැරදි එහි මානව හිමිකම් බැඳීම්වලට අනුකූල වන බව සහතික කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කිරීමට රජය කැපවී සිටින බව ද රජය පාර්ශවයෙන් කරුණු දක්වා ඇත. එමෙන්ම සමානාත්මතාවය සහ වෙනස්කොට සැලකීම් වලට ලක්නොවී සිටීමට ඇති අයිතියට ලිංගික දිශානතිය ද ඇතුළත් විය යුතු බවට රජය පාර්ශවය පිළිගෙන තිබේ. එමෙන්ම, දැනට ක්‍රියාත්මක වන ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ මූලික අයිතිවාසිකම් පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව විසින් ‘ලිංගික දිශානතියේ පදනම මත වෙනස් කොට සැලකීම් සිදුනොවීම’ අනිවාර්යයෙන් සහතික කිරීම සඳහා නිර්දේශයක් ලබා දී ඇති බව ද රජය පාර්ශවය පිළිගත්තේය.

විධායක හෝ පරිපාලන අධිකාරීන් විසින් සිදුකරන මූලික අයිතිවාසිකම් කඩකිරීම් සඳහා සහන සෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ සෘජු සහාය පැතීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන වගන්තිය ඉඩ සපයන බව ද රජය පාර්ශවයෙන් තර්ක කර ඇත.

මෙම පසුබිම තුළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය මත මූලික අයිතිවාසිකම් කඩවීම් තහවුරු කර වන්දි ලබා දෙන තීන්දු රැසක් ලබා දී ඇති බව පෙන්වා දෙන රජය පාර්ශවය, අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ පැමිණිලි සාමාන්‍ය අධිකරණ වෙත ගොනුකිරීමට පවා පෞද්ගලික ක්‍රියාකාරීන්ට හැකි බව පවසා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඈ) වගන්තියේ පදනම මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහජන අවශ්‍යතා නඩු පැවරීමට ද හැකියාව ලබා දී ඇති බව ද රජය පාර්ශවය සමාලෝචනයේදී ප්‍රකාශ කර තිබේ. එමෙන්ම, 2016 වර්ෂයේ සිදුවූ වැඩිහිටියන් දෙදෙනෙකු අතර සිදුවූ සමලිංගික ක්‍රියාවකට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී, නූතන චින්තනය අනුව ස්වකැමැත්තෙන් වැඩිහිටියන් දෙදෙනෙකු අතර සිදුවන ක්‍රියා රාජ්‍ය මඟින් පාලනය කිරීමට හැකියාවක් නැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගත් බව ද රජය පාර්ශවය සිහිපත් කර තිබේ.

ඉහත කමිටු සමාලෝචනය තුළ රජය පාර්ශවයෙන් මීට අදාළ නෛතික ප්‍රතිපාදන පිළිබඳව කළ පැහැදිලි කිරීම තුළ සුළුතර ලිංගික අයිතිවාසිකම් ශ්‍රී ලංකා නීතිය යටතේ සුරක්ෂිත වන බව යළි තහවුරු කිරීමක් සිදුව ඇති සේ පෙනෙන මුත්, විවිධ ලිංගික අනන්‍යතා දරන ප්‍රජාවන්ගේ මානව හිමිකම් ශ්‍රී ලංකාව තුළ උල්ලංඝනය වීම සිදුවන බව කමිටුවේ නිගමනය වී ඇත.

සමලිංගික ලිංගික ක්‍රියා සාපරාදීකරණය කිරීම නිසා ශ්‍රී ලංකාවේ සමරිසි, ද්වීරිසි, සංක්‍රාන්ති සමාජභාවී සහ අන්තර්ලිංගික ප්‍රජාවට වෙනස්කොට සැලකීම් සිදුවීම, ප්‍රචණ්ඩත්වය සහ හිරිහැර කිරීම් සිදුවීම දිගටම සිදුවනු ඇති බව කමිටුවේ නිගමනය වී ඇත.

එමෙන්ම, රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියගේ පැමිණිල්ලට අදාළව කමිටුව නිගමනය කර තිබෙන්නේ ඈ ලිංගික දිශානතිය පමණක් නොව ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කොට සැලකීම් හා ප්‍රචණ්ඩත්වයන්ට පවා ලක්ව ඇති බවයි. එමෙන්ම, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයෙන් තොර ජීවිතයක් සඳහා රොසෑනා මහත්මියට ඇති අයිතියට ගරුකිරීමට සහ ආරක්ෂා කිරීමට, හෝ ඇය කාන්තාවක, සමරිසි කාන්තාවක හා මානව හිමිකම් ක්‍රියාධරයකු ලෙස ලක්වී ඇති අගතීන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් කිසිඳු නීතිමය හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ද කමිටුව නිගමනය කරයි.

රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය ඉදිරිපත් කළ සාක්ෂි තුළ සමලිංගික ලිංගික ක්‍රියාකාරකම් සාපරාදීකරණය කිරීම සහ ඒ මත කාන්තාවන් අත්අඩංගුවට ගැනීම හරහා ලිංගික දිශානතිය සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත වෙනස්කොට සැලකීම් වලට ලක්නොවී සිටීමට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය වී ඇති බව පෙන්වා දී තිබේ. එමෙන්ම ඇය පොලීසිය, මාධ්‍ය සහ මහජනතාව අතර නිතර තර්ජන සහ හිරිහැර වලට ලක්වී ඇති බවත්, අත්අඩංගුවට පත්වීමට ඇති බිය නිසා ඇය මෙම අපයෝජනයන් වාර්තා කිරීමට කටයුතු කර නොමැති බවත් කමිටු සාමාජික හිරෝකෝ අකිසුකි පවසා ඇත.

ඒ අනුව, සමලිංගික ලිංගික ක්‍රියා සාපරාදී නොවන ලෙස ඉවත් කරන මෙන් කමිටුව ශ්‍රී ලංකා රජයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති අතර, මෙම සමාලෝචනයට පාදක වූ රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මිය ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම් නැවතීමටත්, ඊට වගකිව යුත්තන් සඳහා අපරාද ක්‍රියාපටිපාටි අනුගමනය කිරීමට වහා ඵලදායී ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඉල්ලා ඇත.

කමිටු වාර්තාව කියවන්න: https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/Download.aspx?symbolno=CEDAW%2FC%2F81%2FD%2F134%2F2018&Lang=en

සංස්කාරක (LGBTIQ)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan