*
Wednesday, March 26, 2025
spot_img

Latest Posts

දේශබන්දුගේ ඇප ඉල්ලීම සහ දිලීප පීරිස්ගේ සංදර්ශනය ….

හිටපු පොලිස්පතිගේ කාලේ, නීති විරෝධීව අත් අඩංගුවට ගැනීම්, ද්වේශ සහගත ලෙස අත් අඩංගුවට ගැනීම්, පොලිසියේම නිලධාරින්ට එරෙහිව පවරා ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ නඩුවල දී, පොලිස්පති සහ නීතිපති අනිවාර්‍යයෙන්ම වග උත්තරකරුවන් වන අතර, ඒ පොලිස් නිලධාරින් සහ පොලිස්පතිවරයා වෙනුවෙන් පෙරකලාසි ගොනු කරන්නේ නීතිපතිවරයා ය.

ඔවුන් වෙනුවෙන් සහ නීතිපතිවරයා වෙනුවෙන් අධිකරන වල පෙනී සිටින්නේ දිලීප පීරිස් වැනි නියෝජ්‍ය/ අතිරේක සොලිසිටර්වරු, රජයේ අධි නීතීඥවරු, සහ රජයේ නීතීඥවරුය.එසේ තිබියදී දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව දිලීප පීරිස් මහතා කල දේශනය, නීතිය නොදන්නා ආන්ඩුවේ ප්‍රේක්ෂකාගාරය පිනවීමට කල හුදෙක් සදර්ශනයකින් ඔබ්බට නොගිය, ආවේගාත්මක ප්‍රකාශයක් බව නොකියා බැරිය.

හින්දි චිත්‍රපටිවල මිසක , මේ ආකාරයේ වගකීම් විරහිත ප්‍රකාශ දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දරන දිලීප පීරිස් වැන්නෙක්ගෙන් මානම් කිසිදා බලාපොරොත්තු වූයේ නැත.

ආන්ඩුව හා ආගමික බලාධිකාරය පිනවන්නට සිතා යුක්තිය වැනි කිසිදු යුක්තියක් නොමැති මෙහෙයුම් හරහා අහිංසක මිනිස්සු දහස් ගනනකට අභූත චෝදනා නගා ඔවුන්ට දස දහස් ගණනින් දඩ ගැසූ හැටි, මාස ගණං රිමාන්ඩ් කරපු හැටි අපි ඇස් පනාපිට දැක ඇත. ඒ කරපු පාපය හිටපු පොලිස්පති පසු පස පැමිණ ඇත.

අනෙක් අතට මහේස්ත්‍රාත්වරයකු වරෙන්තුවක් නිකුත් කර ඇති විටෙක කළ යුත්තේ එම අධිකරනයට වහාම භාර වී විධිමත් ඇප ඉල්ලීමක් කිරීම සහ මහෙස්ත්‍රාත්වරයා විසින් ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරන්නේනම් පමනක්, මහාධිකරනයක් ඉදිරියේ ප්‍රතිශෝධන පෙත්සමක් හෝ ඇප ඉල්ලුම්පත්‍රයක් ගොනු කොට ඇප ලබා ගැනීමට කටයුතු කිරීම මිස, ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොව නීතියද හෑල්ලුවට ලක් කරමින් කැලෑ පැනීම නොවේ.

විශේෂයෙන් තාමත් සේවයෙන් පහ කර නොමැති පොලිස්පතිවරයෙක් වැන්නෙක් මෙසේ නීතිය පමණක් නොව රාජ්‍ය පද්ධතියම හෑල්ලුවට ලක් කිරීම හරහා ඔහු හුදෙක් ගැරහීමට ලක් කර ඇත්තේ පවත්නා ආන්ඩුව පමණක් නොවේ.සමස්ත රාජ්‍යයමය, එනම් මහජන පරමාධිපත්‍යය ය. එයටද ඔහු තාවකාලිකව හෝ දඬුවමක් ලැබිය යුතුමය.

ඇප පනතට අනුව, තමන්ව අත් අඩංගුවට ගතහොත් ඇප මත මුදාහරින ලෙස , අදාල පොලිස් ස්ථානාධිපතිවරයා වෙත නියෝගයක් කරන ලෙස ඉල්ලා අපේක්ෂිත ඇප ඉල්ලුම්පත්‍රයක් ගොනු කල යුත්තේ ඊට අදාල මහේස්ත්‍රාත් අධිකරනයේ බව පැහැදිව තිබියදීත්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වැනි අය කෙළින්ම අභියාචනාධිකරනයේ අපේක්ෂිත ඇප ඉල්ලුම්පත් ගොනු කර , තමන්ගේ වාසියට තීන්දු තීරණ ලබා ගත්තේත්, එවැනි අවස්ථාවල නීතිපතිවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කලේ ඇයිද යන්න මගේ පොඩි මොලේටනං තේරෙන්නේ නැත.

රටේ ඉහළ ධුරාවලියක රැදී සිටි එවැන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට ඉදිරියට ආ එවකට රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ( නම හරියට මතකෙට එන්නේ නැත.) වැනි අවංක සහ මා දුටු දක්ෂතම පොලිස් නිලධාරින් කිහිප දෙනෙකුට හිරේ විලංගුවේ වැටෙන්නට සිදු වූයේද, අපගේ ඇතැම් මහේස්ත්‍රාත්වරුන්ට මාධ්‍ය හා ජනමාධ්‍ය හරහා පල නොකියා පලා බෙදන්නට මිනිසුන් පුරුදු වූයේ සහ, අවසානයේදී ඔවුන්ට සිය වෘත්තිමය ජීවිතය එපා කරවීමටද මේ ක්‍රියාවලිය බල පෑ බව කිව යුතුය.

දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධ්කරනය ඉදිරියට ගොස් බලාත්මක කරවා ගන්නට උත්සහා කලේ ඒ සා වූ නීතියේ අවභාවිතාවය.

අභියාචනාධිකරනය විසින් දේශබන්දුගේ රිට් පෙත්සම නිශ්ප්‍රභා කිරීමට හේතු වූයේ , මාතර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ නීතිමය වලංගුතාවයට වඩා මේ සමස්ත ක්‍රියාවලියම බව පැහැදිලිය. කෙසේ වෙතත් මහේස්ත්‍රාත් අධිකරනයක පවත්නා නඩුවක දී, පොලිසිය කෙසේ වෙතත් පොලීසිය වෙනුවෙන් පෙනී සිටින නීතිපතිවරයා හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින රජයේ අධි නීතීඥවරය විසින් ඉදිරිපත් කරන කරුණු කාරණා නොසලකා හැරීමට මහේස්ත්‍රාත්වරයෙකුට බලතල හිමි වන්නේ ඉතාම සීමිත තත්වයන් යටතේය.
……

එහෙව් වූ තත්වයක් යටතේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මාතර මහේස්ත්‍රාත් අධිකරනයට ගොස් මේ කර ඇත්තේ පාළු ගෙයි වළං බිදීමක් ය.

සැකකරුවෙක් වෙනුවෙන් පුද්ගලිකව පහල උසාවියක පෙනී සිටින පුද්ගලික නීතීඥවරයෙක් තමංගේ සේවාදායකයා සතුටු කිරීම සදහා, ඕනෑ එකයි නැති එකයි, කිය කියා ගැලරිය පිනවූවාට රජයේ ජ්‍යේශ්ට අදිනීතිඥවරයෙක්ගෙන් අපට එවැන්නක් බලාපොරොත්තු විය නොහැක.

01.” ස්වාමීනි, අපරාධකරුවෙක් අධිකරනයට එන්ඩ ඕනෑ බඩ ගාගෙන..නමුත් ..” මේ දිලීපගේ වචනය.

සෑම සැකකරුවෙක්ම අධිකරනයක් විසින් වරදකරුවෙක් බව තීරනය කරන තෙක් ඔහුව සලකන්නේ සැකකරුවකු ලෙස මිස අපරාධකරුවකු ලෙස නොවේ.නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය යනු එයයි. පොලිස් කොස්තාපල්ටත්, පොලිස්පතිටත් එකී අයිතිය ඇත. නමුත් දිලීප පීරිස් විසින් අධිකරනයටත් කලිං පොලිස්පති වරදකරු කර ඇත. එවන් සැකකරුවකු උසාවියට බඩගාගෙන එන්නේ අහවල් එකකටදැයි ඇසිය යුතුය.

02.දේශබන්දූ උසාවිය ඇතුළේ ටයි දා ගෙන , අසුන් ගෙන සිටීමෙන් දිලීප නැවතත් උරන වේ.

රාජ්‍ය සේවයේ නියුතු හෝ විශ්‍රාමික හෝ සේවයෙන් පහකළ නිලධාරියෙක් උසාවියකට ඩෙනිමක් ටී ෂර්ට් එකක් දමාගෙන එන්නේ නැත. රජය වෙනුවෙන් පෙනී සිටින රජයේ අධි නීතීඥවරයෙක් ඒකවත් නොදැනීම පුදුමයක්‍ ය. අනෙක උසාවි ශාලාවක පුටු බංකු තබා ඇත්තේ එන අයට වාඩිවෙන්ඩ මිස , ඒවා කරේ තියං ඉන්ඩ නෙවේ.

03.රටේ අපරාධ වැඩිවෙන්ඩ නීතීඥවරුත් වග කියන්ඩ ඕනෑ ය යන්න දේශබන්දු එවකට මන්තරයක් සේ ජප කල අයුරු අපිට මතකය. එහෙව් අයෙක්ට , අන්තිමේට තමන්ගේ ගැලවීම පිනිස ඒ සා වූ නීතිඥ ප්‍රජාවකගේම පිහිට පතන්නට වීම ඉතිහාසයේ සරදමකි.

ඒ කෙසේ වෙතත් එවැන්නෙකුට පවා , නීතීඥවරයෙක් හෝ කීප දෙනෙක් හරහා තමන්ගේ නිදහසට කරුණු කීමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම තහවරු කර ඇති මූලික අයිතියකි. ඒ අයිතිවාසිකම පයිසෙකට ගණං නොගෙන දිලීප පීරිස් “ස්වාමීනී, නීතීඥවරුන්ටම එවැනි චෝදනා කල මේ තැනැත්තා, අද නීතීඥවරු 50 ක් 60 ක් එක්ක ඇවිදින් ඉන්නවා දැක්කම මට හරි දුක හිතුනා” වගේ ගැලරිය පිනවීමට කරන කතා හරහා, වක්‍රාකාරයෙන් එම නඩුවට දේශබන්දු වෙනුවෙන් ආ නීතීඥවරු පමණක් නොව, එකී වෘත්තීය ද හෑල්ලු වන වග ඔහු දැන සිටිය යුතුය.

04.පහළ උසාවියකිං දෙනු ලබන නියෝගයකින් අතෘප්තියට පත් අයෙක්ට ඊට එරෙහිව ඉහල උසාවියක ට් ගොස් අභියාචනා, ප්‍රතිශෝධන, හෝ රිට් ස්වභාවයේ පෙත්සම් ගොනු කිරීමේ අයිතිය මෙරට ඕනෑම පුරවැසියෙකුට ඇත.

එවැනි පෙත්සම් ප්‍රතික්ෂේප කර ඒ නඩු සහ එවැන්නන් නැවත පහළ උසාවියටම හරවා එවන අවස්ථා කොතෙකුත් ඇත. ඒත් පහළ උසාවිවල ඉන්න මහේස්ත්‍රාත්වරු, ” හා..මගේ නියෝගෙට විරුද්දවනේ උඹ ඉහළට කම්ප්ලේන් කලේ..?.. ආපහු මගෙ ලගටම එන්ඩ වුනානේ..? දැං මං උඹට දෙන්නං ජම්බු! ” වගේ පහත් මානසිකත්වයකට අපේ මහේස්ත්‍රාත්වරු පත්ව නැත. ඒ වෙනුවට ඔවුන් කියන්නේ..” ඉදිරිපත් වුන කරුණු මත මං තීන්දුව දුන්නා..පුලුවන්නං ඇපීල් එකක් හරි රිවිෂන් එකක් හරි දාන්ඩ..එතෝට අපිට වුනත් අලුතෙං දෙයක් ඉගෙන ගන්ඩ පුවන්නේ..” වගේ උපදේශයක් ය..

එසේ තිබියදී දිලීප පීරිස් උගත් අධිනීතීඥවරයා මාතර මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ මේ කරන ප්‍රකාශය අවධාරනය කරමි. ” ස්වාමීනී, ඔබ තුමා දොර වසාගෙන නඩු අහලා, මෙයාට වරෙන්තු නිකුත් කලා කියලා, අභියාචනයට පෙත්සං ඉදිරිපත් කල කෙනෙක් තමා, දැං ඔබතුමා ළඟට ඇවිදිං ඇප ඉල්ලන්නේ..” මේ රජයේ ජ්‍යේෂ්ඨ අධි නීතිඥවරයෙක් තියා අපේ කනිෂ්ඨ නීතීඥවරියක්වත් නොකරන අමුතුම ගණයේ ඉල්ලීමකි.
කෙටවීමකි, නැත්තං මානසික අල්ලසකි.

අර හරක් කටා, මදූෂලාගේ නම් සඳහන් කරපු බයිලා කතන්දරත් එක්ක , තවත් කියන්නට ගොඩාක් දේවල් තිබ්බත්, මේ ඇතියි කියා සිතේ..
මට මහන්සියි.
නීතීඥ සංගමයේ සභාපතිතුමනි,
නීතිපතිතුමනී,
විශේෂයෙන් මේ ඔබගේ අවධානය පිනිසයි.!

~ නීතීඥ වසන්ත සිරි වටගොඩ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan