චීනයේ මානව හිමිකම් පිළිබඳ දැක්ම සහ ස්ථාවරය විග්‍රහ කෙරේ!

Date:

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 58වන සැසිවාරයේදී ජාතික මානව හිමිකම් ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡාව පසුගිය 20 වනදා ජිනීවාහිදී පැවැත්විණ. එහිදී එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Chen Xu මහතා චීනයේ මානව හිමිකම් පිළිබඳ දැක්ම විග්‍රහ කරමින් මානව හිමිකම් ප්‍රශ්න දේශපාලනීකරණයට ලක් කිරීමට එරෙහිව කරුණු පැහැදිලි කළේය.

ඇතැම් රටවල් මානව හිමිකම් ප්‍රශ්න ප්‍රයෝජනයට ගනිමින් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම, ද්විත්ව ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම, ගැටුම් හා විරෝධතා ඇති කිරීම සහ අයුතු ලෙස ඒකපාර්ශ්වික සම්බාධක පැනවීමට ක්‍රියා කර ඇත. ඔවුන් සිය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නොසලකා “මානව හිමිකම් විනිසුරුවෙකු” ලෙසට ස්වයංව පෙනී සිටිමින් වෙනත් රටවල මානව හිමිකම් තත්ත්වයට හිතාමතාම චෝදනා කරන බව ද ඔහු පැවසුවේය.

චීනයේ ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තයේ හා Xizang ස්වායත්තයේ සමාජය සමෘද්ධිමත් මෙන්ම ස්ථාවරව පවතී. චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ පුරවැසියන් ද පූර්ණ නීත්‍යනුකූල ආයිතිවාසිකම් හා නිදහස භුක්ති විඳිමින් සිටින බව ද හෙතෙම එහිදී සඳහන් කළේය.

ඒ ඒ රටවල ජනතාව ස්වාධීන ලෙස තෝරා ගත් මානව හිමිකම් සංවර්ධන මාර්ග කෙරෙහි චීනය සැම විටම ගරු කරන අතර අනාගත දේශපාලන ශිෂ්ටාචාරය සංවර්ධනය කිරීමට චීනය දායකත්වය ලබා දෙන බවද චීන නියෝජිතවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : නගරාධිපති රන්ජන් පොලීසියට නොඑයි, අසනීපයි කියා රෝහල්ගත වෙයි

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ...

HI සුසන්ත

නිශ්මං රණසිංහ දෙසැම්බර් 28, කොළඹ LNW: දුරකථනය නාද වුව ද...

ඉබි ගමනින් වැඩ කරන රජයට විපක්ෂ නායක සජිත්ගෙන් කඩිනම් යෝජනා රැසක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල සුනාමි ව්‍යවසනය සිදුවී වසර 21ක් සපිරෙන...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 28) දිනයේදී උතුරු, උතුරු-මැද,...