දිවයිනේ තැනින් තැන මතුවන ගිනි අවි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 24, කොළඹ (LNW):

සමනලවැව පොලිස් වසමේ මීගහකඳුර ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී, සමනලවැව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු 65 හැවිරිදි බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.මේ අතර නිවිතිගල පොලීසිය විසින් ගොඩඋඩවත්ත ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

පොලීසිය පැවසුවේ, එම සැකකරු 67ත් හැවිරිදි නිවිතිගල, වටාපත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි .

නාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් ආඩියාවත්ත ප්‍රදේශයේ සිදුකල තවත් වැටලීමකදී මෙරට නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ ටී – 56 වර්ගයේ පතොරම් දෙකක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු 25 හැවිරිදි මාපලගම – මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසුවේය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, සේරුනුවර, සිරිමංගලපුර සහ පුදුකුඩිඉරිප්පු, කුරුවිල් ප්‍රදේශවල සිදුකල වැටලීම්වලදී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...