රජයේ වාණිජ නොවන ආයතන කිහිපයක් ඈවර කිරීමට නිර්දේශ!

Date:

කොළඹ LNW:රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද කමිටුව විසින් ඇතැම් රාජ්‍ය ආයතන වසා දැමීමටත්, තවත් ආයතන කිහිපයක් සමඟ ඇති රාජ්‍ය මැදිහත්වීම අවසන් කිරීමත් තවත් ආයතන කිහිපයක් ඒකාබද්ධ කිරීම ඇතුළු නිර්දේශ ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සහ ආවේණික අකාර්යක්ෂමතා විසඳීමේ අරමුණින්, රටේ සියලුම වාණිජ නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන සමාලෝචනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රිගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පසුගිය දෙසැම්බරයේදී පත්කෙරුණි.

එම කමිටුව මඟින් අමාත්‍යාංශ 24 ක් යටතේ ඇති ආයතන 160 ක් නිරීක්ෂණය කර ඇති බව දැක්වෙයි.

ඒ අනුව එම කමිටුව මඟින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ කජු සංස්ථාව, ගාලු උරුමය පදනම, ජාතික සාගර කටයුතු කමිටු ලේකම් කාර්යාලය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය ඇතුළු අමාත්‍යාංශ හයක් යටතේ ඇති වාණිජ නොවන රාජ්‍ය ආයතන 12 ක් ඈවර කිරීමට නිර්දේශ කර ඇති බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී ජාලය යන රජය සතු මාධ්‍ය ආයතන තුන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සහ වාණිජමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා තනි කළමනාකරණයක් යටතේ තැබිය යුතු බවට කමිටුව නිර්දේශ කර තිබේ. එම මාධ්‍ය ආයතනවලට ඔවුන්ගේ පැවැත්ම සඳහා සැලකිය යුතු ආයෝජනයක් අවශ්‍ය වීම හේතුවෙන් තනි කළමනාකරණයක් යටතේ පවත්වාගෙන යෑමට කමිටුව නිර්දේශ ඇත.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරි, පොල් වගා මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය සහ තල් සංවර්ධන මණ්ඩලය ආයතන ඒකාබද්ධ කිරීමට යෝජනා කර ඇති බව දැක්වෙයි.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය ඒකාබද්ධ කිරීමට ද කමිටුව නිර්දේශ කර තිබේ.

තවත් ආයතන කිහිපයක් පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරීත්වයෙන් පවත්වා ගැනීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව සඳහන්.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සහ ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය ඒකාබද්ධ කිරීමට ද කමිටුව නිර්දේශ කර තිබේ.

එමෙන්ම, සර් ජෝන් කොතලාවල රෝහල කිසිදු ලාභයක් නොලබන අතර භාණ්ඩාගාරයට බරක් වී ඇති බවත් නිරීක්ෂණය වී ඇති නිසා එය මූල්‍යමය වශයෙන් ශක්තිමත් ආයතනයක් බවට පත් කරන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම සඳහා කමිටුවක් පත් කළ යුතු බවටද උපදෙස් ලබා දී ඇති සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...