දූෂණ චෝදනා එල්ල කරමින් Ekrem Imamoglu බන්ධනාගාරයට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 24 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තුර්කි ජනාධිපති Erdoganගේ ප්‍රධාන ප්‍රතිවාදියා බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වීමත් සමගම විරෝධතා රැල්ලක්ද හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස, තුර්කි ජනාධිපති Tayyip Erdogan ගේ  ප්‍රධාන ප්‍රතිවාදියා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත්තේ දූෂණ චෝදනා එල්ල කරමින් වන අතර, මෙලෙස චෝදනා එල්ල වූයේ ඉස්තාන්බුල් නගරාධිපති Ekrem Imamoglu හටයි.

ඊයේ (23) පැවති ඡන්ද විමසීමේදී ඔහුගේ රිපබ්ලිකන් මහජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මොහු තේරී පත් වීමට නියමිතව සිටි අතර, කෙසේ වෙතත් එල්ල වන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා දේශපාලනික වශයෙන් එල්ල කළ චෝදනා බවට සඳහන් කර ඇත.

ඔහු අත්අඩංගුවට ගැනීමත් සමග විරෝධතා කිහිපයක් ඇතිව තිබෙන අතර, එම විරෝධතා දශකයකට වැඩි කාලයක් තුළ තුර්කියේ ඇති වූ දැවැන්තම  විරෝධතාව බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...