දූෂණ චෝදනා එල්ල කරමින් Ekrem Imamoglu බන්ධනාගාරයට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 24 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

තුර්කි ජනාධිපති Erdoganගේ ප්‍රධාන ප්‍රතිවාදියා බන්ධනාගාරගත කර තිබෙන බව වාර්තා වීමත් සමගම විරෝධතා රැල්ලක්ද හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස, තුර්කි ජනාධිපති Tayyip Erdogan ගේ  ප්‍රධාන ප්‍රතිවාදියා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත්තේ දූෂණ චෝදනා එල්ල කරමින් වන අතර, මෙලෙස චෝදනා එල්ල වූයේ ඉස්තාන්බුල් නගරාධිපති Ekrem Imamoglu හටයි.

ඊයේ (23) පැවති ඡන්ද විමසීමේදී ඔහුගේ රිපබ්ලිකන් මහජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මොහු තේරී පත් වීමට නියමිතව සිටි අතර, කෙසේ වෙතත් එල්ල වන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා දේශපාලනික වශයෙන් එල්ල කළ චෝදනා බවට සඳහන් කර ඇත.

ඔහු අත්අඩංගුවට ගැනීමත් සමග විරෝධතා කිහිපයක් ඇතිව තිබෙන අතර, එම විරෝධතා දශකයකට වැඩි කාලයක් තුළ තුර්කියේ ඇති වූ දැවැන්තම  විරෝධතාව බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...