හවස 6 සිට රෑ 10 දක්වා විදුලි පරිභෝජනය අඩුකර අපිට ශක්තියක් වෙන්න – ඇමති චතුරංග ජනතාවගෙන් ඉල්ලයි

මීට පෙරත් විදුලි කප්පාදුවලට මෙරට ජනතාව මුහුණ දී ඇති හෙයින් ඒ කාලසීමාවේදී භාවිතා කළ උපකරණම යළි භාවිතා කරමින් විදුලි පද්ධතිය කාර්යබහුලම වන කාලසීමාව තුළ විදුලි පරිභෝජනය අඩුකරන ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

“අපිට පුළුවන් නම් හවස 06 ඉඳලා රෑ අපි නිදාගන්න 10 වෙනකල් විදුලි පරිභෝජනය අඩුකරන්න – අපි කාලයක් අඳුරේ ඉඳලා තියෙන මිනිස්සු, ලයිට් කපපු කාලෙක ජීවත් වෙච්ච මිනිස්සු, ඒ කාලෙ අපි ලයිට් නැති වෙලාවට භාවිතා කරපු තාක්ෂණික උපකරණ ටිකක් අපේ ගෙවල්වල තියෙනවා. ඒ ටික අපි පාවිච්චි කළොත් අපිට පුළුවන් මේ පීක් ඩිමාන්ඩ් එක යම්කිසි ප්‍රමාණයකට අඩුකරගෙන ශක්තියක් වෙන්න”

චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...