ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පහළ බැස්ස තෙල් මිල ඉරාන ප්‍රතිචාරයෙන් පසු යළි ඉහළට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මැදපෙරදිග යුද ගැටුම් සම්බන්ධව පූර්ණ විසඳුමකට පැමිණීම සම්බන්ධව ඉරානය සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ අනුව දින පහක කාලයක් සඳහා ඉරානයේ කිසිදු බලාගාර හෝ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කළ බවට ජනාධිපති ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසු ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල පහළ ගිය නමුත් ඊට ඉරානයේ ප්‍රතිචාරයෙන් පසු යළි තෙල් මිල ඉහළ ගොස් තිබේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු බ්‍රෙන්ට් බොරතෙල් මිල 7% කින් පමණ පහත වැටී බැරලයක් ඩොලර් 99 ට වඩා අඩු අගයකට පැමිණ තිබුණි.සඳහන් වේ.

එසේම අමෙරිකානු WTI තෙල් මිල ද 8% කින් පහත වැටී බැරලයක් ඩොලර් 90 දක්වා අඩු විය.

කෙසේවෙතත් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශය ඉරානය විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 100 ට වඩා නැවත ඉහළ ගොස් තිබේ.

බ්‍රෙන්ට් සියයට 2.9 කින් ඉහළ ගොස් ඩොලර් 102.84 ක් වූ අතර WTI තෙල් මිලද සියයට 3.5 කින් ඉහළ ගොස් ඩොලර් 91.20 ක් ලෙස වැඩි වී ඇත.

ජනාධිපති ට්‍රම්ප් උත්සහ කරන්නේ තෙල් සහ මූල්‍ය වෙළඳපොළ හැසිරවීම තමන් සතු බව පෙන්වීම වන නමුත් එය එසේ නොවන බව ඉරානය ප්‍රකාශ කර තිබේ.