දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ දින කිහිපයක සිට CT Scan පරීක්ෂාව සිදු නොවන බවට රෝගීන් විසින් මැසිවිලි නඟන බව වාර්තා විය. පසුව ඒ පිළිබඳව කළ අභ්‍යන්තරික සොයා බැලීමකදී වාර්තා වූයේ රෝගි පුද්ගලයකු විසින් කළ පහරදීමකදී අදාළ CT Scaner යන්ත්‍රයට අලාඟ හානි සිදුව ඇති බවයි.

එහිදී ඒ පිළිබඳ විමසීම් කිරීමේදී අදාළ රෝහල් බලධාරියා විසින් පවසා සිටියේ , අදාළ යන්ත්‍රයේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයට හානි සිදුව නොමැති බවත් , එහි භාහිර වීදුරුව කොටස බිදී ගොස් ඇති බවත්ය. ඒ අනුව එය හැකි ඉක්මනින් ටෙන්ඩර් කැඳවා යතා තත්ත්වයට පත්කිරීමට කටයුතු සිදු කරමින් සිටින බවද පැවසීය. තවද , සිදුවන ප්‍රමාදය පිළිබඳව රෝගීන්ගේ මැසිවිලි සාධාරණ බවත් එම බලධාරියා පැවසීය.
ඒ අනුව අදාළ CT Scan පරීක්ෂණ කටයුතු ඉදිරියේදී යතාතත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වේ.

විකිරණ වලින් ආරක්ෂා වීම සඳහා ඇති විශේෂ වීදුරුව.
(Led glass)



