රෂිකා හෙන්නායක මාර්තු 24 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
කොලොම්බියාවේ පුටුමායෝ පළාතේ සිදුවූ දරුණු හමුදා ගුවන් යානා අනතුරක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පුද්ගලයන් 125 දෙනෙකු රැගෙන ගිය සී-130 හර්කියුලිස් යානය ගුවන්ගත වී සුළු මොහොතකින් කඩා වැටීම නිසා අවම වශයෙන් පුද්ගලයන් 66 දෙනෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත.
මෙම සිදුවීම පිටුපස කිසිදු සන්නද්ධ කණ්ඩායමක ප්‍රහාරයක් නොමැති බව එරට ආරක්ෂක අංශ තහවුරු කර ඇති අතර, එය හුදෙක් තාක්ෂණික හෝ හදිසි අනතුරක් බව වාර්තා වේ.
තුවාල ලැබූවන් ප්‍රදේශයේ සායන වෙත යොමු කර ඇති අතර පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා බොගෝටා අගනුවර වෙත ගුවන් මගින් රැගෙන ගොස් තිබේ.
අතුරුදහන් වූ පිරිස් සෙවීම සඳහා සහ විපතට පත් වූවන්ට සහන සැලසීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව මෙම මූලාශ්‍රය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ ඇමසන් වනාන්තරයට ආසන්න දුෂ්කර ප්‍රදේශයක බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.





