Home විදෙස් බටහිර ඉවුරේ ඊඩ් උත්සවය මධ්‍යයේ ඇවිළෙන ප්‍රචණ්ඩත්වය..

බටහිර ඉවුරේ ඊඩ් උත්සවය මධ්‍යයේ ඇවිළෙන ප්‍රචණ්ඩත්වය..

රෂිකා හෙන්නායක මාර්තු 24 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඊද් උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ බටහිර ඉවුරේ පලස්තීනුවන්ට එරෙහිව එල්ල වන දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව වාර්තා වේ.

ඊශ්‍රායල පදිංචිකරුවන් විසින් පලස්තීන ගම්මානවල නිවාස සහ වාහන ගිනිබත් කරමින් සිදුකරන ම්ලේච්ඡ ප්‍රහාර මෙන්ම අල්-අක්සා පල්ලියේ වන්දනාමාන කටයුතුවලට පනවා ඇති දැඩි බාධා පිළිබඳවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

ඉරානය සමඟ පවතින ගැටුම් මධ්‍යයේ, ඊශ්‍රායල හමුදාව පලස්තීන වැසියන්ගේ ගමනාගමනය සීමා කරමින් ඔවුන්ගේ කෘෂිකාර්මික ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා ආකාරයද වාර්තා වේ.

තවද, යුදමය වාතාවරණය හේතුවෙන් ගාසා තීරයට ලැබෙන මානුෂීය ආධාර අවහිර වීමෙන් මතුව ඇති දරුණු ආහාර සහ ඖෂධ හිඟය පිළිබඳවද වාර්තා වේ. පලස්තීන ජනතාව මුහුණ දෙන මෙම මානුෂීය අර්බුදය හමුවේ ජාත්‍යන්තර සාම ප්‍රයත්නයන් අඩාල වී ඇති ආකාරය ඉතාම කනගාටුදායක බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි.