සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිව්යෝක් හි ලාගාර්ඩියා ගුවන්තොටුපළ ධාවන පථයකදී ගිනි නිවන ට්‍රක් රථයක් හා ගැටීමෙන් මඟින් 70ක් සමඟ ගොඩ බෑමට නියමිතව තිබු, එයාර් කැනඩා ගුවන් යානය AC8646 අනතුරට ලක්ව තිබේ,
අනතුර හේතුවෙන් ගුවන් නියමුවන් දෙන්දෙනා ජිවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 41 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
කැනේඩියානු මාධ්‍ය වාර්තාවලට අනුව, ගැටීමෙන් මියගිය එයාර් කැනඩා ගුවන් නියමුවෙකු ලෙස ක්විබෙක්හි උපන් ඇන්ටොයින් ෆොරස්ට්, වයස අවුරුදු 30, හඳුනාගෙන ඇත. අනෙක් නියමුවා තවමත් නම් කර නොමැත.
නිව් යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, ගුවන් අනතුර ඛේදජනක ගැටුමක් ලෙස විස්තර කර ඇති අතර ස්වාධීන ෆෙඩරල් ආයතනයක් වන ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය (NTSB) විමර්ශනය සිදුකරමින් පවතින බවයි.

