මැද පෙරදිග බලශක්ති අර්බුදය හමුවේ ජපානය එරට තෙල් සංචිතය නිදහස් කරයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානයට එරෙහි ඇමරිකා-ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ඇති වී ඇති බලශක්ති අර්බුධය හමුවේ ජපානය එරට විශාලතම ජාතික තෙල් සංචිත නිදහස් කරන බව අගමැති සානේ ටකයිචි පවසා තිබේ.

X හි සටහනක සඳහන් කරමින් ජපාන අගමැතිනිය සඳහන් කර තිබුණේ, රජය සතු සංචිත එනම් තෙල් බැරල් මිලියන 80ක් මුදා හැරීම බ්‍රහස්පතින්දා(26) ආරම්භ කරන බවයි.

මෙම තෙල් බැරල් මිලියන 80ක දින 45ක් සඳහා ප්‍රමාණවත් වන අතර ජපානය, මැදපෙරදිගින් එහි බොරතෙල් වලින් 90% කට වඩා ආනයනය කරන අතර, හොමුස් සමුද්‍ර සන්ධිය වැසීම හේතුවෙන් විශේෂයෙන් අවදානමට ලක්ව ඇත.

පසුගිය සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හොමුස් සමුද්‍ර සන්ධිය මුදවා ගැනීම වෙනුවෙන් කලාපයට ජපන් සමුද්‍රීය ස්වයං ආරක්ෂක හමුදා යැවීමට කළ ඉල්ලීම්වලට විරුද්ධ වූ ටකයිචි, මැද පෙරදිග සාමය සහ ස්ථාවරත්වය ජපානයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට අතිශයින් වැදගත් බව ප්‍රකාශ කර ඇත. ජපාන අගමැතිනිය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, හොමුස් සමුද්‍ර සන්ධිය මුදවා ගැනීම වෙනුවෙන් ටෝකියෝව සම්බන්ධිත රටවල් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් අවශ්‍ය සියලු රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් දිගටම කරගෙන යනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...