*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

Everything Everywhere All At Once සමඟ Weird කතාවකට මුල පුරමු!

ලෝකයේ බොහෝ කතාමාලා අමුතු සිද්ධි දාමයන්ගෙන් වට ව ඒවායේ එකිනෙකට වෙනස් වූ සිද්ධීන් හරි අපූරුවට ප්‍රේක්ෂකයාට ලබා දීමට එහි නිර්මාතෘවරයෝ කටයුතු කරති.
සමහරක් කතා ත්‍රාසය, භීතිය,කුතුහලය, ආදරය මෙන්ම ශුංගාරය කැටිවුණු නිර්මාණ වන අතර Everything Everywhere All At Once හි ප්‍රේක්ෂකයාගේ ඔලුව අමුතුම දිශාවකට ගෙන යන්නට ඔවුන් සමත්ව ඇත.

ඉතින් අපි සැබෑ ලෝකයෙන් චුට්ටක් මිදිලා යමු ඔලුව කරකවලා ඇතෑරෙන දෙසකට…

The la salle collagian

Anthony, Joe Russo සහ Jonathan Wang ආදීන්ගේ නිෂ්පාදනයෙන් Daniel Kwan සහ Daniel Scheinert විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද 2022 වසරෙහි ප්‍රේක්ෂකයන් අතරට පත් වූ ඇමරිකානු විකාර සහගත ප්‍රහසන-නාට්‍ය චිත්‍රපටයක් ලෙස මෙම Everything Everywhere All At Once සිනමාංගය හැඳින්විය හැක. 2022 මාර්තු 11 වන දින තිරගත වීම ආරම්භ වූ අතර, 2022 මාර්තු 25 දින එක්සත් ජනපදයේ සිනමාහල් කිහිපයක මෙය තිරගත කෙරිණි.

මෙම කතාවෙහි චීන-ඇමෙරිකානු සම්භවයෙන් අනූන ගැහැණියකගේ භූමිකාවට පණ පොවන Michelle Yeoh, Evelyn ලෙස රංගනයෙන් දායක වන අතර ඇය මෙවර සම්මානයට ප්‍රාප්ත වූ දක්ෂතම නිළියන් ගණයට ද අයත් වූවෙකි.

IMDb

ඇය ගැන සටහනක්;
Michelle Yeoh 1962 අගෝස්තු 06 උපත ලද මැලේසියානු රංඟනශිල්පිනියකි. ඇය නිරූපිකාවක් ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර 1993 වසරේ මැලේසියාවේ රූ රැජින තරගය ජයග්‍රහණය කළාය. The Owl vs Bombo (1984) සමඟින් චිත්‍රපට ජීවිතය ආරම්භ කළ ඇය Michelle Khan ලෙසින් නම් කළ ඇයගේම රංගනයන් ඉදිරිපත් කළ හොංකොං ක්‍රියාදාම චිත්‍රපට මාලාවකින් ප්‍රසිද්ධියට පත් විය. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් වන Tomorrow Never Dies (1997) සහ Ang Lee ගේ සටන් කලා චිත්‍රපටයක් වන Crouching Tiger, Hidden Dragon (2000) හි ද ඇය රඟපෑමෙන් දායක වූ අතර ඔස්කාර් සම්මාන උළෙලෙහි සම්මානයට ප්‍රාප්ත වූ පළමු ආසියාතික කත බවට ද Michelle Yeoh පත් විය.

HOLLYWOOD, CA – MARCH 12: Michelle Yeoh accepts the award for Actress in a Leading Role at the 95th Academy Awards in the Dolby Theatre on March 12, 2023 in Hollywood, California. (Myung J. Chun / Los Angeles Times)

මීට අමතරව Stephanie Hsu, Ke Huy Quan, Jenny Slate, Harry Shum Jr., James Hong සහ Jamie Lee Curtis සහය චරිත නිරූපණය කරමින් Everything Everywhere All At Once සාර්ථකත්වයට ගෙන යන ගමනට කැපවූවන් වේ.

මෙහි තිර රචනය, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය මත පමනක් නොව දෘශ්‍ය ප්‍රයෝග, ඇඳුම් නිර්මාණය, ක්‍රියා පටිපාටි, සංගීතය සහ සංස්කරණය සඳහා ද සියල්ලන්ගේම අවධානය ලැබුණි. එහි ප්‍රේක්ෂක රසය, අභූතවාදය, මනස ව්‍යාකූල වන ස්නායු විභේදනය, මානසික අවපීඩනය, පරම්පරාගත කම්පනය සහ ආසියානු ඇමරිකානු සම්භවයන් මෙන්ම ආදරයෙහි පවතින සම්මත අසම්මත භාවය වැනි තේමා විශ්ලේෂණය කරමින් මෙම සිනමාංගය ඉතා පුළුල් ගමන් මගක් විවෘත කරමින් චිත්‍රපටකරණයට නැවුම් මුහුණුවරක් ලබා දීමට සමත් විය.

Everything Everywhere All At Once මේ වන විට සම්මාන රාශියක් ලබාගත් අමුතුම ආකාරයේ නිර්මාණයකි. එය 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී යෝජිත නාම එකොළහක් ලබා ගත් අතර, හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිළිය (යෙහ්), හොඳම සහය නළුවා (ක්වාන්), හොඳම සහය නිළිය (කර්ටිස්), හොඳම මුල් තිර රචනය ආදී සම්මාන හතක් දිනා ගත්හ.

Axios

කතාවට මූලාරම්භයක් ගන්නේ මෙලෙසිනි.

එව්ලින් ක්වාන් වැන්ග් යන කතාවෙහි මූලික පුරුක වන මැය මැදිවියේ චීන-ඇමරිකානු සම්භවයෙන් ජීවත් වන ලොන්ඩරියක හිමිකාරියකි. ඇගේ සැමියා වේමන්ඩ් සමඟ මෙම ලොන්ඩරිය පවත්වාගෙන යන ඇය සහ ඔහුට දාව ජෝයි නම් එක් දියණියක් වේ. එව්ලින් සහ වේමන්ඩ්ගේ අඩ දඹර මධ්‍යයේ කරගෙන යන ලොන්ඩරියට බිස්නස් නම් සරු ය. එමෙන්ම ජෝයි පිළිබඳ කතා කිරීමෙදී ඇගේ පෙම්වතිය වන බෙකී ගේ අසම්මත පෙමට එව්ලින් ගේ නම් වැඩි කමැත්තක් නොවීය. ජෝයිගේ සීයා වෙත පවා එව්ලින් බෙකී ව හඳුන්වා දුන්නේ ඇයගේ හොඳ මිතුරියක් ලෙසයි.

මෙලෙස ආරම්භය ගත් Everything Everywhere All At Once හි එක ජාතියකට කොටු නොවී, සාමාන්‍ය වශයෙන් අඹු සැමියන් අතර පවතින මත භේදාත්මක තත්ත්වය සහ සමාජයේ ආදරය සහ පවතින සාම්ප්‍රදායික මතයන්ගෙන් ඔබ්බට යන අමුතුම ආකාරයේ පෙරළියක් වී හමාරය.

GQ

IRS පරීක්ෂක Deirdre Beaubeirdre සමඟ ඔවුන්ගේ ලොන්ඩරිය පිළිබඳ නැගුණු ප්‍රශ්නකාරී තත්තවය හමුවේ ඇති වූ උණුසුම්කාරී සාකච්ඡාවෙන් අනතුරුව අමුතුම ආකාරයේ රූපකායන් සහ අපේ මනස උඩු යටිකුරු කරවන ආකාරයේ හැඟීමක් දැනවීමට අධ්‍යක්ෂකවරයා සමත් වෙයි.
මෙහි දී Waymond යම් කිසි ඩිවයිස් එකක් Evelyn ට ලබා දෙනවා ඒ අමුතු ගැජට් එකෙන් තමන් වර්තමානයේ සිටින තැනම සිටිය හකි වීමත්, අතීතයේ සිද්ධි දාමයක් මෙන්ම ඉන් ඔබ්බට යෑමත් පලදින වාරයක් පාසා සිදු වේ. එපමණක් නොව එය Waymond පැළඳ චුවින්ගම් වැන්නක් කෑමෙන් පසු ඔහුට අමුතුම ආකාරයේ බලයක් ද ලැබේ. මෙලෙස Waymond ගේ සිරුර “Alphaverse” හි අනුරූපකයක් ලෙස ක්‍රියා කරමින් ඔහු Evelyn ට පැහැදිලි කරන්නේ සෑම ජීවිතයක්ම නව විකල්ප විශ්වයක් නිර්මාණය කරන නිසා බොහෝ සමාන්තර විශ්වයන් පවතින බවත් අපිට ඒ සමඟ සබඳතා පැවත්විය හැකි බවත් ය.

The new york times

ආරම්භයේ සහ මෙතෙක් සඳහන් කළ කරුණු සමඟ අපට පෙනෙන්නේ මේක ඔලුව කරකවලා අතාරින පැය දෙකක් වනවා නොඅනුමාන ය යන්නයි. පැය දෙකක්? ඔව් මෙය පැය දෙකක් පමණ වේලාවකට ගොනු කළ නිර්මාණයකි.

කතාවේ සෑම කොටසක්ම එකින් එක නොකියා අපි ඉදිරියට යමු! ඉතින් හැම කතාවකම වගේ මේකෙත් විලන් කෙනෙක් එහෙමත් නැතිනම් දුෂ්ටයෙක් ඉන්නවා. ඒ තමයි ජෝබු ඒ වෙන කෙනෙක් නෙවෙයි! ඒ තමයි ජෝයි.. ජෝබු නපුර ක්‍රියාත්මක කිරීමට “බේගල්” නම් කළු කුහරයක් නිර්මාණය කරමින් සිටී.

එක එක විශ්වයන් තුළ එක එක ආකාරයේ සිද්ධීන් වන අතර ඒ හැම විශ්වයක Evelyn ජීවත් වීමත් එන අභියෝග වලට මුහුණ දෙන ආකාරය ද කතාව පුරා දිවෙයි.

ජීවිතයේ හැල හැප්පීම් හමුවේ ඕනෑම අයෙක්ට ජීවිතය බිඳෙන තැනක්, ජීවිතයේ නොසිතූ දේවල් සිදුවෙන තැනක්, ජීවිතයේ රස මුසු තැන් ද පවතී. නමුත් ජීවිතයේ පවතින සුලු සිද්ධීන් ප්‍රේක්ෂකයාට රස විඳින්න ලබා දෙමින් ඒවායෙහි පවතින වටිනාකමට වටිනාකමක් දීමට කතාවෙහි බර දරන්නන් සමත් වී තිබේ. කුඩා සිද්ධියකින් එක් විශාල පරිච්ඡේදයකට මුල පිරීමට හැකි බව ඔප් නංවමින් ගෙන ගිය මෙම නිර්මාණය එකිනෙකාට විවිධ අදහස් ජනිත කරවන නිර්මාණයකි.

කෙසේ වෙතත් අවසාන වශයෙන් කිවයුත්තේ මේ සියල්ල අත්භූත, මනස විකාර රූපී වන සිද්ධීන් වන අතර ඒ සියල්ලම යම් කාලයක් තුළදී Evelyn ගේ මනසෙහිම ඇති වූ රූප කායන් බවයි. තවත් ස්පොයිල් නොකර කතාව රස විඳිමු!

Junkee

නිපුනි ලියනගේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan