සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 25, කොළඹ (LNW): ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවත්වෙන පළමු ටෙස්ට් තරගය විශ්මිත විපර්යාසයක් සිඳු නොවන්නේනම් අද දිනයේ දී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි වෙමින් නිමාවට පත්විය යුතුය.මේ වන විට එම ජයග්‍රහණයේ කොටස්කරුවන් ලෙස කණ්ඩායමේ 11 දෙනාගෙන් ඉවත් කළ යුතු සහ තබා ගත යුතු ක්‍රීඩකයින් ගැන සංවාද මතු වී ඇත.මීට ටික කාලයකට පෙර රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍යවරයා සහ එතුමාගේ උපදේශක අර්ජුන රණතුංග පැවසූ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් මේ පරිපාලනය යටතේ කිසිදාක ජයගත නොහැකි තැනකට වැටී තිබිණ.ඔවුන්ගේ ප්‍රඥා සම්පන්න දැණුම භාවිතා කරමින් තේරීම් කමිටු තෝරා ඇති කණ්ඩායම් පවා වෙනස් කරමින් ක්‍රීඩාව ගොඬ ගන්නට උත්සාහ දැරුවත් එය අහිමි වූ අතර ඔවුන් විසින් මැදිහත්ව වෙනස් කළ කණ්ඩායම් ද පරාජය විය.මේ වන විට ඔවුන් වෙනස් වී ඇති අතර කණ්ඩායමේ පරාජිත තත්ත්වය ද පහ වී ඇත.
ශ්‍රී ලංකාව මේ ලබන ජයග්‍රහණය සඳහා කමිදු මෙණ්ඩිස් සහ ධනංජය ද සිල්වා ප්රමුඛ කාර්යභාරය ඉටු කළේය.ඒ ගැන විවාද නැත.ශ්‍රී ලංකා පළමු ඉණිම ගත් විට ඔවුන් දෙදෙනාම ශතක ලබා ගෙන ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 280 ක් පමණය.ඒ ලකුණු ප්‍රමාණය ටෙස්ට් තරගයක හොඳ ලකුණු ප්‍රමාණයක් නොවේය.එහෙත් එය ලකුණු 92 ක් ඉදිරියෙන් සිටින්නට හැකි ලකුණු ප්‍රමාණයක් බවට පත් කළේ ශ්‍රී ලංකාවේ පන්දු යවන්නෝය.ඒ අතරින් කැපී පෙණුන විශ්ව ප්‍රනාන්දු කඩුලු 4 ක් ද,කසුන් රාජිත සහ ලහිරු කුමාර කඩුලු 3 බැඟීන් ද දවා ගැනීමට සමත් විය.
දෙවන ඉණිමේ දී ශ්‍රී ලංකා ඉණිම 418 දක්වා ගෙන යාමේදී ධනංජයගේ සහ කමිදු ගේ ශතක දායකත්වය කැපී පෙණින.එහෙත් කමිදුගේ ශතකය සහ ලකුණු 164 දක්වා යන ගමණේ දී අටවන කඩුල්ලට ප්‍රභාත් ජයසූරිය සමඟ එකතු කළ ලකුණු 67 ක සබඳතාවය සහ ප්‍රභාත්ගේ දායකත්වයද විශිෂ්ඨය.එසේම අවසාන කඩුල්ලට කසුන් රාජිත (නොදැවී 4) සමඟ කමිඳු ගොඩනඟන සබඳතාවය ලකුණු 52 කි.පසුපෙළ පිතිකරුවන් තමන්ට ප්‍රෂාන වශයෙන් පැවරුණු වගකීමෙන් බැහැරව කණ්ඩායම වෙනුවෙන් කරන ලද මේ නුහුරු වගකීම නොවන්නට ශ්‍රී ලංකා ලකුණු පූවරුව 418 නොවී 318 වන්නට ද තිබිණ.ධනංජය ලකුණු 299 දී හත්වන කඩුල්ල ලෙස දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකාවේ අවසාන කඩුලු 3 එකතු කර දී ඇති ලකුණු ප්‍රමාණය 119 කි.
අවසාන කඩුලු 3 ත් ලකුණු 119 ක් එක් කළ තණතීරුවේ බංගලාදේශයේ ඉරණම මේ වන විට කඩුලු 5 ට ලකුණු 47 කි.ප්‍රධාන ආක්රමණිකයා විශ්ව ප්‍රනාන්දු ය.ඔහු මේ වන විටත් ලකුණු 13 ට කඩුලු 3 ක් දවා ගෙන ඇත.ලහිරු කුමාර සහ කසුන් රාජිතගේ ගිිණුම්වල මේ වන විටත එක කඩුල්ල බැඟින් ඇත.
කණ්ඩායම් ක්‍රීඩාවක දී පෞද්ගලික දක්ෂතාවයක් යනු කණ්ඩායමට දෙන සේවයකි.නමුත් ජය පරාජය සමව කණ්ඩායමටම හිමිය.මන්ද කණ්ඩායමේ සිටිගෙන සිටින්නට හෝ කෙනෙක් තබා සිටියානම් ඔහුගේ ඇඟෙ වැදී හෝ ප්‍රතිවාදීන්ට බාධාවක් වූ තැනක් තිබෙන්නට හැකිය.කණ්ඩායමේ පුද්ගලයින් වෙනස් කිරීමට යාමේ සහ රැක ගැනීමේ සමාජ මාධ්‍ය ක්‍රියාවලීන් සිඳුවන්නේ පෙර කාලයන්හී ගස් යට සිට මැච් බලන හෝ පාරක් අයිනේ සාප්පුවක දමා ඇති රූපවාහිනි යන්ත්‍රයකින් තරග නරඹන්නන් අදහස් දක්වන ආකාරයෙන් නොවේය.මේවා තුළ ඇතැම් විට බහුතරයක් මේ ක්‍රීඩක කළමණාකරුවන්ගේ ව්‍යාපෘති ද තිබිය හැකිය.
යළිත් වතාවක් කුසල් මෙණ්ඩිස් ගේ ගැටළුව කරළියට එමින් ඇත.මෙහි මුල සිගරට්ටුවය.එය තවමත් නිවා ගැනීමට කුසල් සමත් වී නැත.දූපත් මානසික තත්ත්වයක ක්‍රීඩකයාගේ පෞද්ගලික ජීවිතය තමන් තෘප්තිමක් කරන ආකාරයෙන් තිබිය යුතු බව සිතන දුප්පත් සිතුවිලිවලින් ආ බලපෑමට බුද්ධියෙන් උත්තර දීමට වඩා කුසල්ට අවශ්‍යය වී ඇත්තේ පිත්තෙන් උත්තර දීමය.එසේ දීමේ උවමනාවම පෙරළා තමන් වෙත පීඩනයක් කර ගැනීමට කුසල්ට සිඳු වී ඇත.
ඒ තත්ත්වය තේරුම් නොගත් කුසල් තවමත් සිටින්නේ මිනිසුන්ට නොදැනෙන තැනකය.ඔහු ක්‍රිඩකයෙක් ලෙස ආකර්ශණීය වෙන දේශපාලනය දන්නා අයෙක් නොවේය.ඒවා සංවිධානය වන්නේ ද නැත.බොහෝ ක්‍රිඩකයින් ක්‍රිකට් නිසා සිතා ගත නොහැකි ධනවතුන් වන වේගයට සාපේක්ෂව බුද්ධිමතුන් වීමේ මාර්ගෝපදේශනයක් ලබන්නේ නැත.ඔවුන්ට,ඒ පවුල්වල සාමාජිකයන්ට සහ කළමණාකරුවන් ලෙස පත්වන බහුතරයකගේ ද වගකීම වන්නේ උපයන මුදල් අනාගතයට වැදගත් ආකාරයෙන් කළමණාකරනය කර දීමය.නූතණ ලෝකයේ ක්‍රීඩකයාගේ භූමිකාව ඔහු හෝ ඇය කරන ක්‍රීඩාවේ ශිල්පීය දක්ෂතාවලට පමණක් අදාළ නොවන දැණුම සහ සමාජ භාවිතය ද සමඟ සමාන්තරව ගමන් කරන එකකි.මේ සියල්ල සළකා බලද්දී වැඩිවන පීඩනයේ ගොදුරක් වීමෙන් බැහැරවීමට කුසල්ට ඇත්තේ ප්‍රෙක්ෂකයාට උත්තර බඳින මානසිකත්වයෙන් මිදී දැන් කණ්ඩායමේ ස්ථාවර වීමේ උවමනාවෙන් පිත්ත හැසිරවීමය.එක දිගට වන සමාන වැරදිවලින් මිදීමේ මානසික ස්ථාවරය සකසා ගැනීමය.අංක තුණේ පිතිකරුවා ලෙස ක්‍රිඩා කරන ක්‍රීඩකයාගෙන් බලාපොරොත්තු වන්නේ වැඩිපුරම කඩුල්ල පිටුපස කාර්යය ලෙස මවන බාලාංශ ප්‍රචාරන ව්‍යාපෘතිවල කුසල් තව දුරටත් පොව්වා විනාශ කිරීම වෙනුවට ඔහුගේ පිත්ත කතා කරවීමට අවශ්‍යය හිත සකසා දීමට වියදම් කරන්නේනම් රටේ ක්‍රිකට්වලට කුසල්ගේ වැදගත්කම ඉදිරියේදී හෝ දැකිය හැකිය.
කෙසේ හෝ මේ ටෙස්ට් තරග ජයග්‍රහණය තරගාවලි ජයග්‍රහණයක් වීමට ඉඩ නොදෙන්න බංගලාදේශය දෙවන ටෙස්ට් තරගයට විශාල සැළසුමක් සකස් කරනවා නිසැකය.ඔවුන් මීට පෙර මුහුණ දුන් ටෙස්ට් කරගාවලි තුනේම අපරාජිතය.ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය පරාජය කර ඇත.නවසීලන්තයට එරෙහිව තරගයක් ජය ගනිමින් තරගාවලිය සම කර ඇත.නවසීලන්තය මේ වන විට ලෝක ටෙස්ට් කණ්ඩායම් අතර සිටින තැන සමඟ ගත් විට මේ ශ්‍රී ලංකාව පරාජය කරන්නේ ඔවුන් ද තරගයකින් පරාජය කළ කණ්ඩායමක් යන්න අමතක නොකළ යුතුය.
ශ්‍රී ලංකාවේ ටෙස්ට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව ඔවුන්ට පරාජය වී ඇත්තේ එක් ටෙස්ට් තරගයකදී පමණි.එවකට ද පංගලාදේශයට පරාජය වීම ගැන කම්පා වීම හැරෙන්නට ශ්‍රී ලංකාව පරාජය වූයේ ඒ වන විට ආසන්න මොහොතක දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් ජයක් ලබා 1-1 ක් ලෙස තරගාවලියක් සම කර ගත් බංගලාදේශ කණ්ඩායමක් යන්න ද අවධානයට ලක් කළේ නැත.
මෙම තරගය ගැන නැවතත් කීමට හැක්කේ ආශ්චර්යයක් සිඳු නොවන්නේනම් ශ්‍රී ලංකාව ඉහළ ජයක් ලබන තරගයක් ලෙස මේ තරගය නිමවනු ඇති බවය.එහෙත් තරගාවලිය ජය ගන්නටනම් මේ තරගයේදී නිවැරදිව කළ දේ රැක ගෙන වැරදුණු දේ නිවැරදි කර ගත යුතුව ඇත.විශේෂයෙන් පිතිකරුවන් නාමාවලියේ අංකයක් පමණක් නොවී,පිතිකරණයේ දී නම ඉදිරියේ සඳහන් වන අංකවල වටිනාකම වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුව ඇත.
ලකුණු පූවරුව පහතින් දැක්වේ.
https://www.espncricinfo.com/series/bangladesh-vs-sri-lanka-2023-24-1419819/bangladesh-vs-sri-lanka-1st-test-1419830/full-scorecard