ඉදිකිරීම් ක්ෂේත්‍රය ගැන තීරණයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 25, කොළඹ (LNW): ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතුවූවන්ගේ ගැටලු කඩිනමින් විසදීම සදහා වන යෝජනා ඇතුලත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.

කැබිනට් පත්‍රිකාව සැකසීම සදහා අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක් ද පත් කර ඇතැයි ද පවසයි.

ආර්ථික අර්බුධය හා කොවිඩ් වසංගතය නිසා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ඊට අදාළ ආයතන ගෙවීමට නොහැකි වූ නිසි ලෙස ඉදිරිපත් කෙරුණ සියලු බිල්පත් වලට අදාළ ගෙවීම් මේ වන විට අවසන් කර ඇතැයි ද ඇමතිවරයා පවසන අතර, ඒ අනුව පසුගිය වසරේ එලෙස ගෙවා අවසන් කෙරුණු බිල්පත් වටිනාකම රුපියල් මිලියන 12,501ක් බව කියා සිටී.

පසුගිය ආර්ථික අර්බුධය හා කොවිඩ් වසංගතය හමුවේ, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය දරුණු පසුබෑමකට ලක් වූ අතර මේ නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත කොන්ත්‍රාත්කරුවන් හා ඉදිකිරීම් ශිල්පීන් දැඩි පීඩාවකට පත් වූ බවද පැවසීය.

විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ තත්වය ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට ලක් කිරීමෙන් පසුව මේ පිළිබදව අවශ්‍ය පියවර ගැනීම සදහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් කමිටුවක්ද පත් කෙරිණ.

ඒ අනුව අදාළ ගෙවීම් කටයුතු කඩිනම් කිරීමට පියවර ගත් අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අදාළ හිග බිල්පත් ගෙවා අවසන් කරන්නේ ඒ අනුවයි.

ඉදිකිරීම් ගිවිසුම් අලුත් කිරීමේ දී මිල ඉහළයාම් වලට අදාළ ගෙවීම් ඇතැම් රාජ්‍ය ආයතන මගින් සිදු නොකිරීම, ගෙවීම් ප්‍රමාද ගාස්තු නොගෙවීම වැනි ගැටලු විසදීම සදහා වන යෝජනා යෝජිත කැබිනට් පත්‍රිකාවට ඇතුලත් කිරීමට නියමිත බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...