(VIDEO):69 ලක්ෂෙ ආණ්ඩුව අරගලයකින් වෙනස් කරල පතපු වෙනස දැන් කොහොමද? සැපද?

Date:

කොළඹ LNW:69 ලක්ෂයක ජන්දයෙන් තුනෙන් දෙකක් සහිත ආණ්ඩුවක් අරගලයකින් ගෙදර යවල පතපු වෙනස දැන් පෙනෙන්නට තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඒ, අද (25) හම්බන්තොට පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කොවිඩ් 19 වසංගතය හමුවේ මුහුණ දීමට සිදුවූ ආර්ථික අර්බුදයට සහනයක් ලෙස රු. 5000ක දීමනාවකුත් ලබා දී,බදු බර අඩුකර රැකියා උත්පාදනය සඳහා වෙහෙස වෙමින් සිටියදී අරගලයක් නිර්මාණය කරගත් බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

එය පැහැදිලිවම ආණ්ඩුව පෙරළීමට පැමිණි වැඩපිළිවෙලක් බවද මන්ත්‍රීවරයා කියාසිටියේය.

මේ අතර ඉදිරි ඕනෑම මැතිවරණයකට වුවද පක්ෂයක් ලෙස සූදානම් බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...

ජාතික රෝහලේ ප්‍රධාන කාර්යාලයට වෛද්‍ය බෙල්ලන කුසලානය

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ජාතික රෝහලේ කාර්ය මණ්ඩලයට...

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...