උකුසු ප්‍රහාරය සූදානම්. ආණ්ඩුවේ 113 බහුතරයත් ඉතාම ඉක්මනින් නැතිකිරීමට විමල් – මෛත්‍රී සැරසෙයි (VIDEO)

Date:

තමන් ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ 11ක සන්ධානය ඉතාම ඉක්මනින් වත්මන් ආණ්ඩුවේ 113ක බහුතරයත් අහිමිකර මේ ආණ්ඩුවේ පාලනය අවසන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රශ්නය – ආණ්ඩුව සූදානම් වෙන්නෙ මේ ආණ්ඩුව පැටළිලා ඉන්න අර්බුදයෙන් ගොඩ එන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාව පාවිච්චි කරනවා වගේ වැඩකටද ?

“රනිල් වික්‍රමසිංහ මහත්තයාව පාවිච්චි කරන්න හදනවාද, රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමැත්තෙන් පාවිච්චි වෙනවාද නැද්ද කියන එක මෙතන මං හිතන්නෙ වැදගත් නැහැ. හිටපු අගමැති කෙනෙකුට ඔයා කියලා කතා කරන්න තරම් උද්ධච්ඡ මිනිහෙක් කියලා මුදල් ඇමතිවරයා ඒකෙත් පෙන්නුවා. ඒකෙත් ඔහුට ඕනෙ සමගියක් නෙවෙයි, එතනත් ඕනෙ ගැටුමක්. ඉතින් මෙහෙම උද්ධච්ඡ අවලස්සන ඇමරිකානුවෙක් තියාගෙන මේ රටට ඉදිරියට යන්න බෑ. අපි ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට තියෙන 113 බහුතරය නැතිකරනවා ඔය උද්ධච්ඡ පාලනය අවසන් කරන්න”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ආණ්ඩුවේ කුඩා පක්ෂ 11ක සන්ධානයේ නායකයින් සමග ඊයේ (24) මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා ඉදිරිපෙළ කථිකයින් වශයෙන් කැපී පෙනුන ද මෙම කුඩා පක්ෂ සන්ධානයෙහි විශාලතම පාර්ශ්වකරු වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඔවුන්ට පාර්ලිමේන්තු ආසන 14ක් හිමිව තිබේ.

තමන්ට කෙණෙහිලිකම් කළ අයට තමන් පහරදෙන්නේ උකුස්සෙකු මෙන් බවත් මීට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...