බැසිල් රාජපක්ෂ රැම්බෝ වගේ. මුළු ලංකාවටම ගහන්නේ තනියෙන් ඇවිත් – ගම්මන්පිල

Date:

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යනු රැම්බෝ වැනි චරිතයක් බවත් ඔහු තනිවම පැමිණ මුළු ශ්‍රී ලංකාවම විනාශ කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

“ඉස්සර චිත්‍රපටිවල පෙන්නනවා අනුනායක හාමුදුරුවනේ, රැම්බෝ කියලා තනි ඇමරිකානුවෙක් ඇවිල්ලා වියට්නාමය විනාශ කරනවා. අර හනුමන්තා ඇවිල්ලා ගිනිතිබ්බා ඉන්දියාවෙන්. ඒ වගේ තනි ඇමරිකානුවෙක් ඇවිල්ලා මේ මුළු රටම විනාශ කරමින් ඉන්නවා. මිනිස්සු තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල අපා දුක් විඳිනවා. මේ හිතාමතා කරපු අර්බුදයක් නෙ”

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (24) මල්වතු අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැදැක උන්වහන්සේ සමග කතාබහක නියැළෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

ව්‍යාජ ලේඛණ සකස් කිරීමේ චෝදනාවට වරදකරු වූ නීතිඥවරයෙකුට ලබුණු නියෝගය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ව්‍යාජ ලේඛණ සකස්...

උද්ධමනය ගැන මේ කතාව අහල තිබුණද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: උද්ධමනය කියන වචනය ඇහෙද්දීම සාමාන්‍ය ව්‍යවහාරය...

පාපන්දු පුහුණුකරු මාර්තුවේ නැවත ශ්‍රී ලංකාවට…?

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික පාපන්දු...