ශ්‍රී ලංකාව අර්බුදයක ගිලෙමින් තිබෙනවා – ජාත්‍යන්තර අනතුරු ඇඟවීමක්

Date:

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල ජනවාරි 01 වෙනිදා සිට මේ දක්වා 26% කින් පමණ අවප්‍රමාණය වී ඇති බව ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා සිය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පෙන්වාදෙයි.

ඉන්ධන මිල ඉහළ යාම සහ ණය ගෙවීම් සිදු කිරීම සමබර නොවීම හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක ගිලෙමින් පවතින බවයි එහි සඳහන් කර ඇත්තේ.

මෙම තත්ත්වය සමනය කර ගැනීම සඳහා 1884-1950 කාලයේ ක්‍රියාත්මක වූ ආකාරයට ශ්‍රී ලංකාව තුළ මුදල් මණ්ඩලයක් පිහිටවිය යුතු බව එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වේ.

මේ අතර මෙරට ග්‍රාමීය සංවර්ධනය,පුනර්ජනනීය බලශක්ති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ සහය අපේක්ෂා කරන බවත් එම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක පමණ මූල්‍ය සහය අපේක්ෂා කරන බවත් වාර්තා වෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන සැලසීම වෙනුවෙන් ජපානයෙන් තවත් වෛද්‍ය කණ්ඩායමක් එයි!

කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ආපදාවන්ගෙන් විපතට පත් ශ්‍රී...

ජාතික ආපදා කළමනාකරණ අරමුදලට තර්ස්ටන් විද්‍යාලයෙන් රු. මි. 3.25 ක පරිත්‍යාගයක්!

ජාතික ආපදා කළමනාකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට තර්ස්ටන් විද්‍යාලය රුපියල්...

ආපදා සහන වෙනුවෙන් ADB වෙතින් ඩොලර් මිලියන තුනක ප්‍රදානයක්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වයෙන් පසු රට යථා තත්ත්වයට පත්...

ඌව පළාත් රාජ්‍ය සේවකයින් ආපදා වෙනුවෙන් දිනක වැටුප පිරිනමයි!

කොළඹ LNW:ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක...