පසුගිය දා ජපන් ආදී උපාධිධාරීන්ගේ සංගමය විසින් පවත්වනු ලැබූ ගෞරව සම්මාන ප්‍රධානය කිරීමේ උත්සවයේ දී ශ්‍රී ලාංකික උගතුන්ටත් තැනක්!

Date:

සටහන – රත්නපාල ගමගේ

මාර්තු 25, කොළඹ (LNW): ජපන් ආදී උපාධිධාරීන්ගේ සංගමය විසින් ජපන් රටේ අධ්‍යාපනය හැදෑරූ උපාධිධාරී උගතුන් ට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන ගෞරව සම්මාන ප්‍රධානය කිරීමේ උත්සවය පසුගියදා පැවැත්විණි.

එහිදී ශ්‍රී ලාංකික උගතුන් 10 දෙනෙකුට මෙම ගෞරව සම්මාන පිරිනැමිනි. ඒ අතර මෙයට වසර 33කට පෙර ජපානයට සංක්‍රමණය වී උපාධි ලබා දැනට ජපාන අන්තර්ජාතික විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සෙනෙවිරත්න කුරේ මහතා ද මෙම ගෞරව සම්මානයට පාත්‍ර විය.

රාගම හීන්කෙන්ද මහා විදුහල සහ ගලහිටියාව මධ්‍ය මහා විදුහලේ ආදි සිසුවෙකු වූ මහාචාර්ය කුරේ කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

ජපාන ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතා වැඩපිළිවෙලේ ප්‍රමුඛතම කාර්‍යභාරයක් ඉටුකරන මහාචාර්ය සෙනෙවිරත්න කුරේ ලොව පුරා සරසවිවල දේශකයෙකු ලෙසද ප්‍රකටය.

සිසුන් දහස් ගණනකගේ සහ පශ්චාත් උපාධි අපේක්ෂකයින් සිය ගණනකගේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා වූ සෙනෙවිරත්න කුරේ මහතා රාගම හීන්කෙන්ද තුඩුවෙගෙදර පදිංචිකරුවෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

OPA හි සභාපති ලෙස තිසර ද සිල්වා පත් වෙයි(2025/2026)

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : 2025/2026 වර්ෂය සඳහා...

රටම එකට විශේෂ මෙහෙයුමෙන් තවත් 638ක් අත්අඩංගුවට!

කොළඹ LNW:අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනට හසුකර ගැනීම...

රනිල්ගේ හිටපු ජ්‍යේෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයකු මෙන්ම හිටපු...

රාජ්‍ය සේවය ගැන ඇහෙන අලුත්ම ආරංචිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW : මේ වනවිට...