ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක කණ්ඩායමේ තොරතුරු කාන්දු වීමක් අනාවරණය වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එක්සත් ජනපද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉරානයේ පිටුබලය ලබන යේමනයේ හවුති කැරලිකාර කණ්ඩායමට එරෙහිව සැලසුම්කරණ ලද ප්‍රහාරයක් සඳහා වන තොරතුරු කාන්දු වීමක් සම්බන්ධයෙන් ද අත්ලාන්තික් පුවත්පතේ පළ වූ හෙළිදරව් කිරීම්වලට එක්සත් ජනපද නිලධාරීන් දේශපාලනික වශයෙන් කැළඹී ඇති බව වාර්තා වේ.

ද අත්ලාන්තික් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ජෙෆ්රි ගෝල්ඩ්බර්ග් පවසන්නේ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් ලෙස නම් කරන ලද ගිණුමකින් සංකේතාත්මක පණිවිඩ යෙදුමක් වන සිග්නල් වෙත තමාට ආරාධනයක් ලැබුණු බවයි

සිග්නල් යනු මාධ්‍යවේදීන් සහ රජයේ නිලධාරීන් ඇතුළු ලොව පුරා ජනප්‍රිය සංකේතාත්මක පණිවිඩ යෙදුමක් වන අතර මේ සමබන්ධයෙන් සැලසුම් කළ මිලිටරි ප්‍රහාර පිළිබඳ තොරතුරු බෙදා ගත් බවට චෝදනා ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් වෙත එල්ලාව තිබේ.

ඔහු මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත ප්‍රකශ කර තිබුණේ, යුධ සැළසුම් සම්බන්ධයෙන් කිසිවෙකු කෙටි පණිවුඩ නොයවූ බවයි.

කෙසේ නමුත් මෙම මස මුලදී උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්, ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ඇතුළු ඉහළ පෙළේ එක්සත් ජනපද නිලධාරීන් සමඟ රතු මුහුදේ ජාත්‍යන්තර නැව් ගමනාගමනයට තර්ජනයක් වූ යේමනයේ හවුති සටන්කාමීන්ට එරෙහි ප්‍රහාර සාකච්ඡා කිරීම සඳහා කෙටි සංවාදයක් කැඳවා තිබු අතර, ට්‍රම්ප් පරිපාලනය ප්‍රකශ කර තිබුණේ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු මෙලෙස වෙනත් පාර්ශවයකට ලබා දී ඇත්නම් ඒ සම්බන්ධයෙන් විදිමත් විමර්ශනයකින් අනතුරුව අදාල නිලධාරියා වෙත දඬුවම් පැමිණවීමට අමතරව සේවයෙන්ද පහ කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හිරේට ගියේ දවස් හතරකට.කුණු බඩු ඔක්කොම එකට එකතුවෙලා – වසන්ත මුදලිගේ

කොළඹ LNW: රනිල් වික්‍රමසිංහ දින 4කට රක්ෂිත බන්ධනාගාර ගතකිරීමේ...

ශ්‍රී ලංකා බැඩිමින්ටන් පුහුණුකරුවන් පුහුණු කෙරේ

නිශ්මං රණසිංහ අගෝස්තු 24, කොළඹ LNW: ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණු සංවර්ධන...

බන්ධනාගාරයෙන් ඇසෙන කතා..

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු, කොළඹ...